Sunday, October 2, 2022

අභයාරාමයත් මෛත්‍ර‍ී පාලනයට..

කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ පැවති සුචරිත දහම් පාසලේ 78 වැනි සැමරුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහභාගීවිය. ජනාධිපතිධූරයේ දිවුරුම් දීමෙන් පසු හෙතෙම අභයාරාමයට පැමිණි පළමු වතාව මෙය වේ. විශේෂිතම සිදුවීම වන්නේ අභයාරාමයට අරක්ගෙන සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාල උත්සවයට සහභාගී නොවීමය.

අභයාරාමය හැඳින්වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මූලස්ථානය ලෙසින් වන අතර ඇතැම් අය එය “මහින්දාරාමය“ ලෙසද හැඳින්විය. එවැනි තත්ත්වයක් යටතේ පසුගියදා අභයාරාමයේ පැවති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දින පින්කමේ ඉදිරියෙන්ම සිටි මහින්ද දහම් පාසලේ සංවත්සරයට නොපැමිණීම දැඩිසේ කතාබහට හේතුවී ඇත.

අභයාරාමයේ අයිතිය සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ හිමියන්ට එරෙහිව පත්බේරියේ විමලඥාන හිමියන් නඩු පැවරීමත් සමග මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට අභයාරාමයේ මාධ්‍ය හමු සහ වැඩසටහන් පැවැත්වීම තහනම් විය. එවැනි තත්ත්වය්ක යටතේ අභයාරාමය බේරාගැනීමට මුරුත්තෙට්ටුවේ හිමියන් වත්මන් ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවට පැන ඇතිබව දැනගන්නට ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles