Wednesday, August 17, 2022

ඇමති වජිරගෙන් ගාල්ලට තවත් ලක්ෂ 1320ක වියාපෘති රැසක්

ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තවලම හා නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිශ්‍රයන්, වැකුණගොඩ රාජ්‍ය සේවක නිවාස 02 ක සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා  මුල්ගල තැබීමේ උත්සව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස 06 වන සඳුදා දින පැවත්වේ.

 

ඒ අනුව රුපියල් ලක්ෂ 255 ක වියදමකින් යුතුව ඉදිකරන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රයට මුල් ගල තැබීම එදින පෙ.ව.8.00 ට එම විද්‍යාලයේදී සිදු කිරීමට නියමිතය. රුපියල්  ලක්ෂ 120 ක වියදමකින් යුතුව ඉදි කරන වැකුණගොඩ රාජ්‍ය සේවක නිවාස 02 කට මුල් ගල තැබීම පෙ.ව. 10.30 ට සිදු කිරීමට නියමිත අතර  ලක්ෂ 470 ක වියදමකින් යුතුව ඉදි කරන තවලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීම ප.ව. 1.00 ට සිදු කිරීමට නියමිතය. ලක්ෂ 480 ක වියදමකින් යුතුව ඉදි කරන නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීම ප.ව. 2.30 ට එම කාර්යාල භූමියන්හීදී සිදු වේ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් මෙම නව ගොඩනැගිලි ඉදිකිරිම සිදු වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles