Friday, August 19, 2022

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළට තව දින 12 යි-සුදොවුන් මාලිගය ලුම්බිනි උයන වෙසක් දා ජනතාවට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන අන්තර්ජාතික වෙසක් උත්සවයට සමගාමීව මෙරට ඉදි වන ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන මාලිගාව හා ලුම්බිනි සල් උයන ලබන 12 වැනිදා විවෘත කිරීමට නියමිත බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ලුම්බිනි සල් උයන හා සුද්ධෝදන රජුගේ මාලිගය හා ‍සම්බන්ධ ‍ඓතිහාසික කරුණුත් ඒ සම්බන්ධ පුරාවිද්‍යා දත්ත ඔස්සේ සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵලත් මත මේ කර්තව්‍යය සිදු කරගැන්මට හැකි වූ බවද 2018 වසරේ වෙසක් උත්සවයට පෙර ශාක්‍ය ජනපදය සම්පූර්ණයෙන්ම තනා නිම කරනු ලබන බවද ඒ මහතා කීය. මේ සඳහා නේපාලයේ කපිලවස්තු හා ලුම්බිනියෙහි පුරාවිද්‍යාඥ බසන්ත බිහාරි මහතාගේ සහාය ලැබී ඇත.

මේ සඳහා ‍රජයේ මුදල් කිසිවක් වැය නොකරනු ලබන බවත්, ඒ සඳහා වන මිලියන 500කට අධික මුදල දරනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් බවත් විශේෂයෙන්ම ‘ලයිට් ඔෆ් ඒෂියා’ ආයතනය මේ සඳහා මුල් වී කටයුතු කරන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙහි සියලු අධීක්ෂණ කටයුතු සිදු කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles