Wednesday, August 17, 2022

ඒකාබද්ධයෙන් රවීට එරෙහිව විශ්වාසභංගයක්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සාකච්ඡා කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද(26) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.
බැඳුම්කර වංචාව තුළින් මේ රටේ ජනතාවට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ඒකාබද්ධ විපක්ෂයෙන් ගන්නා බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
එමෙන්ම හම්බන්තොට වරායේ නව ගිවිසුම තුළින් වරාය අධිකාරියට හා රටට වරායක් අහිමි වෙනවා පමණක් නොව වසර 99 ඇතුළත රුපියල් බිලියන 1039 ක පාඩුවක් ද රජයට දැරීමට සිදුවන බව ද පැවසු මන්ත්‍රීවරයා කියා සිටියේ, එම පාඩුව පිළිබඳ කිසිදු තැකීමක් රජයට නොමැති බවයි.
ආණ්ඩුවේ තිබෙන දුර්වලකම් වසා ගැනීමට රාජ්‍ය සම්පත් විකුණා දමන ආණ්ඩුව තවත් රටක් සතුටු කරන්න ජාතික සම්පත් අඩු මුදලට විකුණන්නේ ඇයි ප්‍රශ්න කරන බවද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles