Sunday, May 29, 2022

ඒකාබද්ධ විපක්ෂයේ 08 ක් ආණ්ඩුවට..?

ආණ්‌ඩු පක්‍ෂ ආරංචි මාර්ග වලට අනුව, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනකු යහපාලන ආණ්‌ඩුව සමඟ එක්‌වීමට විශේෂ සාකච්ඡා පවත්වා ඇත. ඒකාබද්දයේ සිටින ශ්‍රීනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හත්දෙනකු සහ වාමාංශික පක්‍ෂයක්‌ නියෝජනය කරන එක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුව සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ, එම මන්ත්‍රීවරුන් අට දෙනා එජාපයේ ඉහළ තනතුරක්‌ දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සහ එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ශ්‍රීලනිපය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සමඟ ද සාකච්ඡා වට තුනක්‌ මේ වන විට පවත්වා ඇති බවයි. මෙම පිරිස ලබන සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවත් පැවසෙනවා.

එහිදී සාකච්ඡා කෙරෙන කරුණු වශයෙන් ආණ්‌ඩුවට එක්‌වීමෙන් අනතුරුව පවරනු ලබන වගකීම් සහ කාර්යභාරය සඳහන් වෙනවා. මීට අමතරව, ඔවුන් සමඟ සාකච්ඡාවට එක්‌ වූ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඒ සම්බන්ධව සිය නිර්දේශයන් ද ඉදිරිපත් කරනු ඇති.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles