Wednesday, August 17, 2022

ක්‍රිකට් විනාශයට වගකිවයුත්තේ කවුද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය බලයට පත්වුයේ 2016 වසරේ ජනවාරි මාසයේදී. ඉන් අනතුරව දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නිදහසට කරුණුක් සොයා ගත්තා. එනම් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිටින්නේ සංක්‍රාන්ති සමයක සිටින බවයි.

නමුත් අදාළ කාල සීමාව තුල ක්‍රිකට් බලධාරීන් සිදුකර තිබෙන්නේ කුමක්ද ?
නව පරිපාලනය බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවෙන් බිහිවූ ඉහල පෙලේ ක්‍රීඩකයන් රැසකට ගුරුහරුකම් දුන් අනුෂ සමරනායක මහතාගේ සේවය අතිහුටුවිමට තීරණය කලේ තරඟ පාවා දීමේ චෝදනාවක් එල්ල කරමින්.

එම චෝදනා සාවද්‍ය බව ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) පිළිගත් පසුවත් ඔහුව නැවත සේවයට පිහිටුවීමට බලධාරීන් කටයුතු කලේ නැහැ. නමුත් වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ ඉහල බලධාරීන් කිහිප දෙනෙකුට සම්බන්ධ ක්‍රීඩා සමාජ දෙකක් අතර පැවතී දේශීය තරඟයක තරඟ පාවාදීමක් සිදුවී ඇති බවට චෝදනා එල්ලවුවත් පරිපාලකයින් ඒ පිළිබඳව තීරණයක් නොගෙන තවම කල් මරති.

2016 මාර්තු මාසයේදී, එවක ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීමට කටයුතු කල අතර එහි සභාපතිත්වය දැරූ කපිල විජේගුණවර්ධන මහතා චෝදනා කලේ තේරීම් සඳහා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගෙන් බලපෑම් එල්ල වූ බවටයි.

අනතුරුව හදිසියේම අරවින්ද ද සිල්වා මහතා යටතේ පත් කෙරුණු තෙර්මි කමිටුවෙන් නම් කල පන්දුවාර 20 ලෝක කුසලාන සංචිතයට පරාජය කිරීමට හැකිවුයේ ඇෆ්ගනිස්තානය පමණයි.

සනත් ජයසුරිය ප්‍රමුඛ වත්මන් තේරීම් කමිටුව පසුගිය කාලය පුරාවට ක්‍රීඩකයින් 50 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර ඒ හරහාද සිදුව්යේ කණ්ඩායමේ සමතුලිතතාව බිඳ වැටීම නොවේද ?

පුහුණුකරුවන් පිලිබඳව සලකා බැලීමේදී ඇලන්ඩ් ඩොනල්ඩ් චැම්පියන්ස් කුසලාන තරඟාවලියට රැගෙන යාමෙන් පසු වේග පන්දු පුහුණුකරුව ලෙස කටයුතු කරමින් සිටි චම්පක රාමනායක මහතා හිත් අමනාපයෙන් සිටින බවට වාර්තා පලවූ අතර පසුගියදා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වුනා.

අනතුව එම තනතුරට ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ චමින්ද වාස් මහතා පත් කල අතර, ඔහුට ඉහලින් රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් යලි කටයුතු කරන්නේ, පුහුනු කරුවන් පත්කිරීමේ අස්ථාවර ප්‍රතිපත්ති පිලිබඳ තවත් උදාහරණයක් සපයමින්.

පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස්, ඉහල දක්ෂතා කළමනාකරු සයිමන් විලිස් සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු නික් ලී වත්මන් ක්‍රිකට් පර්පාලනය විසින්, ලක්ෂ ගණන් මුදල් ගෙවා නඩත්තු කරන විදේශ පුහුණුකරුවන් අතරින් කිහිප දෙනෙක් පමණයි.

දිනෙන් දින පහල යන දක්ෂතා හමුවේ ඉහල දක්ෂතා කලමනාකරුවකුගේ රාජකාරිය පිළිබඳවත්, කණ්ඩායමේ පවතින ආබාධ ගොනුව දෙස බැලු කල ශාරීරික යෝග්‍යතා පුහුණුකරුගේ රාජකාරිය පිළිබඳවත් ඇතිවන්නේ හාස්‍ය ජනක හැඟීමක්.

වඩාත්ම පුදුමයට පත්වන කරුණක් වන්නේ, උඩ පන්දු 60 කට ආසන්න ප්‍රමාණයක් මෙම වසර තුල පමණක් අත්හැරීම තෙක්, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කල පුද්ගලයා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දක්වා උසස් ක්රිඉමයි. ක්‍රිකට් උපදේශක අරිවින්ද සිල්වා ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆ්රෝඩ්,වේග පන්දු යීමේ පුහුණුකරු චාමික රාමනායක මෙන්ම උප සභාපති ජයන්ත ධර්මදාස යන සියල්ලන් සිය තනතුරු වලින් ඉල්ලා අස්වුනේ වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තීරණ පිලිබඳ අප්‍රසාදය පල කරමින් බව ක්‍රිකට් කරලියේ තත් දත් පිරිස පවසයි.

තරඟ පරදින විට ක්‍රීඩාංගනයේ පැත්ත පලාතට නොඑන නමුත් සිම්බාබේ කණ්ඩායම හෝ යන්තමින් පරාජයට පත් කරන විට රුපවාහිනි කැමරාවට පෙනෙන්නට අත්පුඩි ගසන මෙරට ක්‍රිකට් බලධාරීන්ට කල හැකි එක් දෙයක් පමණක් ඉතිරි වී ඇත.

එය අපි ඔබ සියලු දෙනාම දනිමු.

https://www.facebook.com/saranga.pathirana.7/videos/10212788655367877/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles