Thursday, January 20, 2022

කොවිඩ් මරණ ගැටලුව ලෙහෙසින්යෙන් විසඳා ගන්න පුළුවන් – හිටපු ඇමති වජිර අබේවර්ධන

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද යන ප්‍රශ්නය අද වන විට බොහෝ දෙනා ගේ මාතෘකාවක් බවට පත්ව තිබෙන බවත් පළාත් සභා මැතිවරණය නව ක්‍රමවේදයට පැවැත්වීම සම්බන්ධයෙන් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 225 දෙනාම විරුද්ධවූ බව හිටපු පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.

” 2015 වසරේදී යහපාලන රජය බලයට පත්වීමේදී අප විසින් හඳුන්වා දෙනු ලැබුවා ග්‍රාම රාජ්‍ය සංකල්පය කියන ක්‍රමවේදය. මෙහිදී සියලු ජාතීන්ගේ අදහස් විමසා බැලීමක් සිදුකරනු ලබනවා. විශේෂයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු දමිල ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම ගැන එහිදී අප කතා කළා.

දැනටමත් මහා සංඝරත්නය විසින් ප්‍රකාශ කර තිබෙනවා මහා මුදලක් වියදම් කරන පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවට වෙනත් විකල්පයක් සොයා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදුකරලා තිබෙනවා.

ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එහිදී රටේ සියලු ජාතීන්ට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් වසරක කාලයක් තුලදී සැකසීමට කටයුතු කළ යුතුයි.

කොවිඩ් වසංගතය හමුවේ මියැදෙන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම ගැන විශාල කතිකාවතක් ඇතිවී තිබෙනවා. මෙම ගැටලුව ඉතා ලෙහෙසින්යෙන් විසඳා ගන්න පුළුවන්. මෙහිදී සිදුකරන්න තියෙන්නේ සෞඛ්‍ය අංශ සහ සියලු ආගමික අංශ එකතුවී මේ ගැන සාකච්ජා කිරීමට හැකියි. හැබැයි මේ සාකච්ජා සඳහා දේශපාලඥයින් එක් නොවිය යුතුයි. මෙය සංවේදී කාරණාවක්. විශේෂයෙන්ම රජය මෙම ගැටලුව ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්” යැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles