Friday, August 19, 2022

කෝටි 10 ක්‌ වටිනා අකුණු සන්නායක 4 ක්‌ විකිණීමට තැත් කළ 4 දෙනෙක්‌ මාට්‌ටු

රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් ඉපැරණි අකුණු සන්නායක හතරක්‌ අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනකු නාවික හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්‌ව සිදුකළ වැටලීමකදී පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අකුණු සන්නායක සමග සැකකරුවන් දොඩන්ගොඩ සහ නෑබොඩ අතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ පැවැසීය.

සැකකරුවන් මෙම අකුණු සන්නායක ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව ද හෙතෙම සඳහන් කළේය.

පෞරාණික වටිනාමකින් යුත් මෙම අකුණු සන්නායකවල තඹ මෙසේ අලෙවි කිරීමට උත්සාහ කර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්‌ත භට පිරිසක්‌ සහ විශේෂ කාර්ය බළකාය එක්‌ව මෙම වැටලීම සිදුකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles