Thursday, May 19, 2022

ගංවතුර ඇතිකල, මිනිස් ජීවිත නැති කල ,මෙගා පොලිස් තව ඔනේද?

රට පුරා ඇති වී තිබෙින අපදා ත්තවය නිසා මිනිදුසුන් බොහෝ දෙනෙක් මියගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මාහා විනාශයක් නැවත වරක් ඇති විය. මෙ අවසානය නොව ආරමිභයයි.

මිට වසර කිහිපයකට පෙර මිරීයබැද්ද නාය ගොස් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනෘශ විය. එය කරුමයක් ,දේවියන්ගේ කැමත්ත ,හෝ දේශගුණික විපර්්‍යාස නිසා සිදුවු නොවූ බව පසුකාලීනව සාක්ෂි සහිතව අප අණාවරණය කළහ. උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවන විනාශයේ ප‍්‍රතිපල බව එය හොදින්ම අණාවරණය විය.

නමුත් මෙම අපදා තත්වය දේශගුණික විපර්්‍යාසවල ප‍්‍රතිපලයක් ලෙස් වගකිවයුත්තෝ පෙන්වා දෙන්නට උත්සහ දැරීය. දේශගුණික විපර්්‍යාස යනු දෙවියන් වහන්සේ වැනිය. වගකීමි බාර ගැනිමට හෝ අවබෝධ කර ගැනීමට බැරී විට දෙවියන් පිටින් පටවති.

දෙවියන් තකිකඩියන්ගේ නිර්මාණයකි දේශගුණික විපර්්‍යාස යනු ලෝකයේ තක්කඩි කමි වසා ගැනිමට ගෙනා පරිසර සංහාරය සාදාරණිකරණය කරණ වගකීමි බාර නොගන්නා දෙවියන් වැනි තක්කඩියෙකි.

මෙි වනවිට සිදුවන ගංවතුර හා නාය යෑමි අපාදා සියල්ල දේශගුණික විපර්්‍යාස මල්ලට දමා අතපිහ ගැනීමට පාළකයෝ සමත්ව ඇත.

නමුත් මෙම ත්තවය අප රටෙි සංවර්ධනය කියා කරන දැවැන්ත පරිසර සංහාරයේ එක් ප‍්‍රතිපලයකි. විපතක් සිදුවන තුරු අපේ රටෙි මිනිසුන්ට පරිසරය මතක්වෙන්නේ නැත. පාලකයන්ට උවමනා ලෙස සොබාදහම වැනසීමට ඉඩ දී ඔහුන් බලා සිටිති.

 

අප රට තුල ඇති ගංගා නිමින 103 අද වනවිට මෙ දැවැන්ත සංවර්ධනයට හසු වී විනාශ වී යමින් ඇත. සෑම ගංගාවකම ගංවතුර  පාලනයට  ස්භාවික  නිර්මාණය වූ පොකුණු හා වැඩි වතුර උරා ගන්නා බිමි ඇත.  බොහෝ ගංගා වල එම ප‍්‍රදේශ නිවසා හා සංවර්ධණ ව්‍යාපෘති වලට යොදවාගන ඇත. වතුර ගැලීමට ඇති තැන් ගොඩකර නගර නිවාස නිර්මාණය කිරීම තුලින් සිදුවන ප‍්‍රතිපය වන්නේ ජලය පෙර පරිදිම බැස යන් අතර එහි නගර තැනුවෝ  මාර්ග ඉද්කලහෝ වතුරය යටවීමයි . එය දේශගුණික විපර්්‍යාස හෝ වෙන කිසිවක් නොව සාමුහික ගොන් කමක ප‍්‍රතිපලයකි.

කැළණි ගග අවට දැනට වගුරු බිමි සියල්ල විනාශ කර දමා ඇත. මුතුරාජවෙල ජලය මුහුදට ගලන  බිම අක්කර දහස් ගණනක් ගොඩ කර විශාල බැමිමක් ලෙස අධිවෙිගී මාර්ගය තනා ඇත. අද වනවිට කොළඔ ගංවතුර තර්ජනයට මෙය ප‍්‍රදාන හෝතුවයි . ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත කොමිස් ගසා කමින් ලොව කිසිම රටක නොකරන ලෙස ලංකාවෙි අධී වෙිගී මාර්ග තනති. අඩුම තරමෙි ඉංදියාවෙි පවා සංවෙිදි පරිසර පද්දතී අසලින් අධිවෙිගී මාර්ග නිර්මාණය කරනවිට එය කණු උඩ තනා පරිසර පද්ධතිය ආරකිෂා කිරීමට ඔහුන් කටයුතු කලහ . නමුත් මුතුරාජවෙල හරහාත් අනික් අධී වෙිගී මාර්ග ඉදි්කිරීමෙිදීත් එය සිදුකලේ විශාල පරිසර විනාශයක් කරමින් කිලෝමිටරයකට වැලි හා පස් ඝන මිටර් 240000 ජලය ගලායන බිම හරහා ගොඩ ගැසීමෙනි. ජලය ගැලීමට ඇති බිමි මෙලෙස හරස් කර විට රටෙි මධයේ වතුර පිරීම නිවාස ජලයට යටවි ජීවිත නැති වීම වැළක්විය හැකිද.

එම අධිවෙිගී මාර්ගයම මාතරට යනතෙක් මුහුදට ගලායන් ජලය මහා බැමිමකින් වැලකුවා සේ මුහුදය යා නොදි වලකා ඇත .  එයින්ද නොනැවති රට වටෙි අධිවෙගී මාර්ගයක් දැන ඉදකරති. මෙහි අවසාන ප‍්‍රතිපලය වන්නේ ගංගා 103 ගලන ජලය බැමිමකින් අවරණය කළා සේ රට මධයේ වැසි කාළයට වතුර පිරී ගංවතුර තත්වය ඇති වීමයි. කඩුවෙල ජා ඇල වැනි ප‍්‍රදේශ අධ්‍යනය කිරිමෙදි මෙය වඩා පැහැදිලි වනු ඇත.

මෙම සිදුවන නාය යැමි ස්භාවික සිදුවන ඒවා නොව  මහා සංවර්ධනයේ නියත ප‍්‍රතිපලයක්ි. ජල උල්පත් රාශියක් රදවාගන සිටින මධ්‍යම කදුකරය හා අවශේෂ කදු පන්ති ජල ගබඩාවක් සේ ක‍්‍රියා කරයි.  අවශ්‍ය තරමි ජලය රදවාගන උල්පත් මගින්  අනොක් ජලය ගංගා ඇළ දොළ වලට මුදා හරිනු ලබයි. එලෙස මුදාහරින ජලය නිසිසේ ගලායමා වැලක් වූ විට ජල ගබඩා තුල පස් දිය විම සහ ලිහිල් වීම ආරමිබ වන අතර පස් අංශු අතර තර බැදීමි ලිහිල් වී මහා කදු නාය යෑම සිදුවෙි ( Debris). එය දේශගුණික විපර්්‍යාස නිසා සිදුවන දේයක් නොව ජලය ගලන මාර්ග කොන්ක‍්‍රීටි කිරීම, ඒවාට බාදා කිරීම නිසා ඇතිවන ප‍්‍රතිපලයයි.

z_p06-Iran-06

මධ්‍යද කදුකරය තුල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම වනාන්තර විනාශය හා උමං හැරීම  මගින් කදුකරයේ මවු පාෂාණ හා මතුපිට පාෂාණ අතර ඇති සමිබන්ධතාවය බිද දැමිමට අවශ්‍ය විනාශය කරණු ලබයි .එය අරණායක , මිරියබැද්ද ,නිකලෝය කදු නාය යෑමෙන් අවසාන නොවෙ. මෙම රජයන් කරන මාහා විනාශය මෙලෙස් සිදු වුවහොත් සැම වසරකම මෙවන් සිදු වීම සිදුවන බව විද්‍යාත්මක සත්‍යකි.

එය තවදුරටත් වර්ධනය කරමින් මෙි වනවිට සංවර්ධනයේ මයාව  පෙන්නමින මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය, නුවර-කොළඹ අධ්වේගී මාර්ගය, මන්නාරම-හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට-අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදිවෙන අතර එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සාදා නිම කොට ආසියනු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධීවේගී මාර්ග ජාලයට අමතරව රට තුළ නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදිවෙන අතර ඉදිකිරීමට නියමිත මාර්ග වල දිග කි.මි 11697 කි. මේ සෑම අධිවේගී මාර්ගයක්ම ඉදිවෙන්නේ වැලි හා පස් ගොඩකර කොට්ටාව – පින්න¥ව අධිවේගී මාර්ගය ඉදිවූ පරිද්දෙනි.

මෙයට අමතරව ලංකාව පුරාම දුම්රිය මාර්ග ජාලයක් ඉදිවෙන අතර එයද මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ආදම් ගේ පාලම ඔස්්සේ සම්බන්ධ කරනු ලබන අතර මෙම සෑම මාර්ගයකම ගමන් කිර්ීම ස`දහා අධික මිලගණන් අයකරනු ලබයි.

2030 ලංකාව පාරිසරික හෝටල් සහිත සංචාරක කලාප , මුහුදු ආශ‍්‍රිත සංචාරක කලාප, වෙරළ ආශ‍්‍රිත සංචාරක කලාප, පාරිසරික බිම් පදනම් කරගත් සංචාරක කලාප ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරිමට බලාපොරොත්තු වන අතර හලාවත සිට උතුරට හා දකුණටත්, අනුරාධපුර, පොළොන්නරුව වැනි ඓතිහාසික නගරත් බිබිල, නිල්ගල වැනි වන බිම් ආශ‍්‍රිතවත් හා අනෙකුත් වනාන්තර ප‍්‍රදේශත් හෝටල් ඉදිකිරීමට හා සංචාරක කර්මාන්තය දියුනු කිරීමට යොදාගනු ලබයි.

sri-lanka-floods

2030 වන විට ලංකාව ගුවන් මධ්‍යස්ථානයක් කිරීමට චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, වැනි රටවල් වලට අවශ්‍ය වී ඇති අතර ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පු`ඵල් කිරීම කරනු ලබයි. මත්තල හා හි`ගුරක්ගොඩ යන ප‍්‍රදේශවල නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටී.

පලාලි, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව, ක`ඵතර, අම්පාර, වව්නියා, අනුරාධපුර, ගාල්ල, රත්මලාන, යන ගුවන් තොටුපොළවල් වැඩි දියුණු කරන අතර 2013 වසරේ සිට මහනුවර, නුවරඑළිය, දඹුල්ල, යන ස්ථානවල අලූතින් ගුවන් තොටුපොළවල් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2030 අවසාන වන විට ලංකාවේ මු`ඵ ගුවන්තොටුපොළවල් සංඛ්‍යාව 19කි.

එමෙන්ම ජාතික භෞතික සැලසුමට අනුව අනුරාධපුර, උතුරේ ප‍්‍රදේශ කිහිපයක් , මොනරාගල ප‍්‍රදේශ කිහිපයක් , පළතුරු , එළව`ඵ, රටකජු, උක්, ෆාම් ඔයිල් , හා විකිනිය හැකි දැව ඇතුලූ වෙළ`ද පොළට අවශ්‍ය භෝග වගා කිරීම ස`දහා යොදා ගනු ලබයි. එමෙන්ම ලංකාව පුරා ආයෝජකයින්ට තව තවත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ඉඩදෙනු ලබයි. මන්නාරම හා ප‍්‍රධාන ගොවිබිම් මුල්කර ගනිමින් ලංකාව පුරා මහනගර කලාප, විශේෂ නගර, දිස්ත‍්‍රික් අගනගර ලෙස නගර නිර්මාණය කරන අතර මේවා ගොවිතැන මුල්කරගත් නගර නොව කාර්මික නගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණ කලාප, සහිත වානිජ ප‍්‍රදේශයන්ය. ගම්පහ සිට ක`ඵතර දක්වාත්, මාතර , හම්බන්තොට, තණමල්විල අතර ප‍්‍රදේශයන් මහානගර කලාප වන අතර අම්පාරේ සිට මඩකලපුව දක්වා නැෙ`ගනහිර මහා නගර කලාපයත්, ත‍්‍රීකුණාමලය, පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර, ප‍්‍රදේශය උතුරු මැද මහානගර කලාපය ලෙසත් , මන්නාරම කිලිනොච්චි සිට පේදුරුතුඩුව දක්වා ප‍්‍රදේශය යාපනය මහ නගර කලාපය ලෙසත් ඉහත කී පරිදි සංශෝධනය කරනු ලබයි.

මෙහිදී ඉතා ඉක්මනින් ස්වභාවික ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශවල සිටින ජනතාව ස්වේච්ඡුාවෙන් ඉහත කී නගර කලාප වෙතට සංක‍්‍රමණය විය යුතු බව මෙහි සදහන්ව ඇත.

01.සියලු ජල මාර්ග පහත් බිමි විනාශ කරමින් දැනට කරගන යන සංවර්ධන සිතියම

111

Capture

වගුව 2030 වනවිට මහා නගර කලාප තුළ පදිංච‘ කිරීමට නියමිත ජනසංඛ්‍යාව

මෙයට අමතරව ලංකාව වටා මුහුදු තීරයේ ඛනිජ ද්‍රව්‍ය හෑරීමද, නොයෙක් අකාරයේ ජලවිදුලි බලාගාර, තාප බලාගාර, න්‍යෂ්ඨික බලාගාර ද ලංකාව වටා මුහුදු තීරයේ ධීවර වරායවල් සංඛ්‍යාව හතලිහක් දක්වා පු`ඵල් කරමින් විවිධ වර්ගයේ ධීවර බෝට්ටු 40000ක් දක්වා වැඩිකිරිමට බලාපොරොත්තු වන අතර මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා  ෆයිබර් විද්‍යුත් සන්නිවේදන ජාලයක් ලාහුගල, යාල, උඩවලව, ජාතික වනෝද්‍යානයන් හරහා ස්ථාපිත කරනු ලබයි.

නොව නියන් අපදා ඇතුලු වෙත් මහා විපත් වලින් මිනිසුන්ගේ හෝ සොබාදහමෙි විනාශය වලක්වා ලිය හැකිද . මළ තැනදී පමණක් හඩ අවදිකර පලක් නැත ගංවතුර බැසගියා සේ තව ටික දිනකින් සියල්ල අවස්න් වී යාවි පාලකයන් තමන්ට අවමනා ලෙස සොබාදහම වනසමින් කොමිස් සංවර්ධනය සිදුකරන විට ජනතාව වෙනදා මෙන් නිර්වින්දනය වි ඉදීවි.  මෙම විනාශය පරාජය කිරීමට ජනතාව මැදිහත් නොවන තාක්කල් ගහකොළ සතා සිවිපාවා හා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවිමට සිදුවනු ඇත.

– පූජ්‍ය වෑකදවල රාහුල හිමි

– රවින්ද්‍ර කාරියවසම්

 

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles