Tuesday, January 25, 2022

“ගම සමග පිළිසඳර” අද (13) මීමුරේ (වීඩියෝ )

තමා ගමට යන්නේ ගම මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති දියත් කිරීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (13) මීමුරේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක් වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 10 වන අදියර අද ක්‍රියාත්මක වුණේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මීමුරේ ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි.

මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා SLTMOBITEL මගින් ලබාදෙන සුහුරු පන්ති කාමරය සිසු අයිතියට පත්කර එහි කටයුතු නිරීක්ෂණය කළේය.

අනතුරුව මීමුරේ උඩුදුම්බර මාර්ගය සඳහා ලංගම බස් රථයක් ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැමිණ සිටි භික්ෂුන් වහන්සේ හා ජනතාව සමග සුහද පිළිසඳරක නිරතවිය.

“මම මීමුරේ ට එනවා කියලා කිව්වාම සමාජ ජාල මාධ්‍යවල දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක වැරැදියි. මේ ගම ලස්සන පෞරාණික ගමක්. ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න ඕනේ. කයිකාවල දරුවෝ කිව්වේ උසස් පෙළ ඉගෙන ගන්න හැතැක්ම ගාණක් ඈතට යන්න වෙනවා කියලා. අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා. ඒක විසඳලා දෙන්න පුළුවන් නේද? පොඩි දරුවෝ ඉල්ලුවේ සෞන්දර්ය ගුරුවරයෙක්.” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසූවේ, “ඒ අවශ්‍ය පහසුකම් දීලා අපි උසස් පෙළ පංති පටන්ගන්න කටයුතු කරනවා. විශේෂත්වය අනුව විශයන් සකස් කරන්න පුළුවන්,” යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles