Wednesday, October 5, 2022

චතුරට වැඩ වරදී…

හදිසි සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තම සංගමයට ආරාධනයක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද රාත්‍රී 9.00ට එම සාකච්ඡාව පැවැත්වෙන බවට අමාත්‍යාංශය දැනුම් දී ඇති බවයි.

සීමාවාසික පත්වීම් ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැය 4ක කාලයක් දීපව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක නිරත වුණි.

අදාළ වැඩ වර්ජනය අසාර්ථක වූ බවට සෞඛ්‍ය බලධාරීන් සහ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කළ ද තම වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වූ බව වෛද්‍ය නලීන්ද හේරත් මහතා පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා තම සංගමය සහ නිලධාරීන්ට එරෙහිව ඊයේ දිනයේ මාධ්‍ය වෙත සිදුකළ ද්වේශ සහගත ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ද වෛද්‍ය නලීන්ද හේරත් මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles