Sunday, October 2, 2022

චෙක් ජනරජයේ පුර්ණ සහාය ශ්‍රීලංකාවට

චෙක් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ලුබෝමීර් සියොරලික් මහතාගේ ආරාධනයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජුනි 9-11 දිනවලදී චෙක් ජනරජයේ සංචාරයක නිරත විය. අමාත්‍ය සමරවීර මහතා දැනට පවත්නා ද්වීපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කිරීම මෙන්ම විදුලි බල හා බලශක්ති, කසළ කළමණාකරණය , මෝටර් රථ නිෂ්පාදනය, ආරක්ෂාව, ගුවන් සේවා හා වෛද්‍ය ප්‍රතිකාර වැනි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි හවුල්කාරීත්ව ඇති කර ගැනීම සදහා නව අංශ හදුනාගැනීමද විදේශ අමාත්‍ය සියොරලික් මහතා සමග පැවති සාකච්ඡා වලට ඇතුළත් විය.

තවද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සංහිඳියාව ඇති කිරීම, සමාජ/ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම හා තිරසාර සාමය ඇතුළත් වන ශ්‍රී ලංකා ඒකාබද්ධ රජයේ ප්‍රධාන න්‍යාය පත්‍රය පිළිබඳව අමාත්‍ය සමරවීර මහතා කරුණු පැහැදිලි කළේය. චෙක් ජනරජයේ ජනාධිපති මිලොස් සේමන් මැතිතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද ආරාධනයද සමරවීර අමාත්‍යතුමා චෙක් විදේශ අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියොරලික් මහතා ප්‍රකාශ කළ සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් හා මහා මැතිවරණයෙන් පසුව ලංකාවේ ඇතිවී ඇති ධනාත්මක ප්‍රවණතා පිළිබඳව තමන් සතුටුවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හා ජාත්‍යන්තර ප්‍රජාව සමග යළි සහයෝගීතාව ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා රජය දරමින් සිටින ප්‍රයත්න වලට චෙක් ජනරජයේ පුර්ණ සහාය ලබා දෙන බවත් අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles