Monday, July 4, 2022

චෝදනා මල්ලකට පිළිතුරු බඳින්න බැසිල් අද ජනපති කොමිෂම හමුවට…

චෝදනා ගණනාවක් මැද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බරපතළ වංචා සෙවිමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කොමිසම විසින් ක්‍රියාත්මක විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුව මෙසේ අද දිනයේ කැඳවා ඇති බවයි.

අද දිනයේ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත්තේ, අභ්‍යන්තර පෞද්ගලික ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවට අයත් යානා යොදා ගනිමින් ගම නැගුම ව්‍යාපෘතිය යටතේ පවතින රුපියල් කෝටි 15 හමාරක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් බවයි සඳහන් වෙන්නේ.

මීට අමතරව, 2010–2014 යන කාලය තුළදී යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ නිළධාරින් 150 දෙනෙකු පමණ සිය පෞද්ගලික සේවයට යොදා ගැනීමක් සම්බන්දයෙනුත් ප්‍රකාශ ලබා ගැනෙනු ඇති. ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රජයේ මුදලෙන් කෝටි 26.5ක මුදලක් ගෙවා ඇති බව සඳහන් වෙනවා. මෙය තුලින් රාජ්‍ය මුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ද බැසිල්ගෙන් ප්‍රකාශ සටහන් කෙරෙණු ඇති.

වාහන 14ක් භාවිත කරමින් පසුගිය වසර 05 තුළ රුපියල් ලක්ෂ 200ක පමණ ඉන්ධන ලබා ගැනීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙනුත් ප්‍රකාශ සටහන් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles