Wednesday, October 5, 2022

ජනපති චීන සංචාරයකට සුදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි දිනවලදී චීන සංචාරයක නිරතවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

චීන ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරතවන අතර මීට පෙරද ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වු බවද පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර සිදු කරන සංචාරයද විශේෂ සංචාරයක් වන අතර දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මේ ඔස්සේ සිදුවන බවද ඇමැතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා පසුගිය දිනවල චීනයේ සිදු කළ සංචාරයෙන් මෙන්ම මෙවර සංචාරයෙන්ද රටට ප්‍රතිලාභ රැසක් හිමිකර ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කෙළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (3) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles