Wednesday, October 5, 2022

තේ, පොල්, රබර් වගාකරුවන් ලක්ෂ 08 කට පොහොර සහනාධාර..

තේ, රබර් සහ පොල් වගාකරුවන් ලක්ෂ  08ක් සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

හෙක්ටයාර් 01කට අඩු තේ, රබර්, පොල් වගාකරුවන් සඳහා මෙම පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම වගාකරුවන් ලක්ෂ 08කට වසරක කාලයක් සඳහා අදාළ පොහොර සහනාධාරය ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන ආරම්භ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ඉඩම් හිමියන් 600 දෙනෙකු සඳහා ලබන 12 වනදා මෙම සහනාධාර ලබාදීමට නියමිත බව රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles