Sunday, October 2, 2022

නැගෙනහිර මහ ඇමතිට නාවික හමුදාවෙන් බඩ පිරෙන්න කන්න දෙයි

ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේදී  නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතාට  දිවා භෝජන සංග‍්‍රහයක් ලබා දි ඇත.

ඉතා උණුසුම් ලෙස තමා පිළිගත් බවත්, ඉතා රසවත් දිවා ආහාරයක් නාවික හමුදාවෙන් ලබාදුන් බවත්, නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතා පවසයි.

නාවික හමුදාවේ ආරාධනයෙන් සිංගප්පූරු වෙළෙඳ අමාත්‍යවරයා හා දූත පිරිස සමග ඊට සහභාගි වූ බවත් එ් සඳහා අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාද එක්ව සිටි බවත් ඒ මහතා පැවසීය.

සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට බැනවැදීම හේතුවෙන් මහ ඇමතිවරයා තම කඳවුරුවලට ඇතුළුකර නොගැනීමට නාවික හමුදාව මීට පෙර තීරණය කර තිබුනද පසුව එම තීරණය වෙනස් කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles