Friday, August 19, 2022

නිලධාරියෙකුට සහ නිලධාරිනියකට පහරදීමට එරෙහිව හාලි ඇළ උද්ඝෝෂණයක්

රාජකාරි කටයුත්තකට ගිය හාලිඇල, උඩකොහොල්විල ග්‍රාම නිලධාරි හේමමාලී ගජනායක හා කෘෂිපර්යේෂණ නිලධාරි ලසන්ත අත්තනායක යන දෙදෙනාට උඩකොහොල්විල ප්‍රදේශයේදි ගම්වැසියෙකු විසින් පහරදී ඇතැයි කියන සිද්ධියකට විරෝධය පෑම සදහා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේදි අද (26) උදේ පැවැත්විණ.

පහරකෑමට ලක්වු දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් සැකකරුද අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇති අතර ඔහු රෝහලේදිම අත්අඩංගුවට ගත් බවත් හාලිඇල පොලිසිය පවසයි.

හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles