Wednesday, August 17, 2022

නෙළුම් කුලුනට ගිය ජනපති

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පෙරවරුවේ එක් විය.

අදාළ ඉංජිනේරුවන් සමඟ සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳව විමසා බැලු ජනාධිපතිතුමා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුණේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක් ද ඉදිකෙරේ.

මෙම සියලු ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ප‍්‍රකාශ කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles