Sunday, October 2, 2022

ප්‍රධාන වකුගඩු ජාවාරම් කරුවෙක් අත්අඩංගුවට..

නීති විරෝධී වකුගඩු ජාවාරමක් හසුරුවන ලද බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් රාජ්කුමාර් රාවෝ නමැති ඉහත කී සැකකරු කල්කටා නුවරදී අඟහරුවාදා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

දිල්ලි අගනුවර ප්‍රමුඛ පෙළ පෞද්ගලික රෝහල් අතුරින් එකක් වන ඇපලෝ රෝහලේ සිදු වූ වකුගඩු ජාවාරමක් පිළිබඳ කරුණු අනාවරණය කර ගත් බව මීට දින කීපයකට ඉහතදී පොලිසිය සඳහන් කළේය.

වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයන් වෙත ජාවාරම් කල්ලිය විසින් ඩොලර් දහස් ගණනක මුදලක් ලබා දෙන බවත් එසේ වකුගඩු ලබා දෙන පුද්ගලයන් රෝගීන්ගේ ඥාතීන් බව හැඟවෙන ආකාරයට ව්‍යාජ ලිපි ලේඛන සකසන බවත් පැවසේ.

වෙනත් දකුණු ආසියානු රටවලින් වාර්තා වන වකුගඩු ජාවාරම්වලට රාජ්කුමාර් රාවෝ සම්බන්ධ වී ඇති බවට සැකයක් පවතින බවත් පොලිසිය කියා සිටියේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles