Monday, July 4, 2022

ප්‍රබල ඇමතිකම් වල වෙනසක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සහ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක අමාත්‍ය ධුර වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒඅනුව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීමටත්, විදේශ කටයුතු අමාත්‍ය ධුරය සහ වරාය සහ නාවික අමාත්‍ය ධුරය වෙනස් කිරීමටත් සාකච්ඡා වී ඇත. එමෙන්ම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කැමැත්ත මත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට වෙනත් අමාත්‍යාංශයක් ලබාදීමටද එකඟවී ඇති බවද වාර්තා වේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් අපකළ විමසීමේදී එවැන්නක් තමන්ට මෙතෙක් දැනුම්දී නැතැයි ඔහු සඳහන් කළේය.

අදාළ වෙනස්වීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ එවැන්නක් පිළිබඳ තමා මෙතෙක් දැනුවත් වී නොමැති බවත්, නියෝජ්‍ය කථානායක ධුරය වෙනස් කිරීම ජනාධිපතිවරයා විසින් ගතයුතු තීරණයක් බවත්ය.තවද ක්‍රිකට් සභාපති ධුරය වෙනස්විය යුතුබවටද ආණ්ඩුවේ ඇතැම් පිරිස් වරින්වර ප්‍රකාශ කර ඇති අතර පසුගියදා ක්‍රිකට් ආයතනයේ වැඩ තහනම් කළ තිදෙනෙකු විසින් ක්‍රිකට් සභාපති ධුරය වෙනස්කරන ලෙස ඉල්ලා අගමැතිවරයාට ලිපියක්ද යවා  තිබේ.

මේ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව ආරංචිමාර්ග තහවුරු කරන අතර ක්‍රිකට් සභාපති ධූරය දරන තිලංග සුමතිපාල මහතා ඉන් ඉවත්කර වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඒවෙනුවෙන් පත්කිරීම පිළිබඳවද සාකච්ඡාකර ඇතිබව වාර්තාවේ. කෙසේවෙතත් අදාළ වෙනස්කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

– ADA

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles