Monday, July 4, 2022

පාකිස්ථාන පළමු ජාතික වෙසක් සැමරුම් උත්සවය අතිසාර්ථකයි

පාකිස්ථාන රජයේ අනුග්‍රහයෙන් පසුගිය මැයි 29 වැනිදා සිට දින හතරක් පුරා තක්ෂිලා නුවර දී පැවති, පාකිස්ථාන පළමු ජාතික වෙසක් සැමරුම් උත්සවය අතිසාර්ථක ලෙස අවසන් විය.

පාකිස්ථන රජයේ විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකා නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් මේ සදහා සහභාගී වූයේ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමාගේ සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ මූලිකත්වයෙනි.

මෙම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, මෙම ආගමික ධූත කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය දෙරට අතර ආගමික හා සංස්කෘතික සබදතා ශක්තිමත් කිරීමෙහිලා මෙන්ම නව මානයකින් එම සබදතා පුළුල් කිරීම සදහා, වඩා වැදගත් අවස්ථාවක් බව සදහන් කළ යුතු බවයි.

පාකිස්ථානයේ භූමිය තුළ ඓතිහාසික වැදගත්කමකින් යුතු බෞද්ධ නටඹුන් හා බෞද්ධ සංස්කෘතියේ ශේෂයන් විශාල වශයෙන් පවතින බව ද සිහිපත් කළ අමාත්‍යතුමා, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රය ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තය පුළුල් කිරීම කෙරෙහිද දෙරට අතර අන්තර් ආගමික හා සංස්කෘතික වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ද මෙම සංචාරය වැදගත් වනු ඇතැයි ද සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ධූත කණ්ඩායමේ සාමාජිත මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ, පාකිස්ථානයේ ඇති බෞද්ධ නටඹුන් හා පුරාවස්තු මුළු මහත් ලෝකයටම බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතිය විදහා දැක්විය හැකි සංධිත්ථානයක් බවයි.

ඉතිහාසයේ පළමු වරට ජාතික වෙසක් උත්සවයක් සංවිධාන කිරීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ධුත පිරිස, පාකිස්ථාන රජය වෙත විශේෂ ස්තුතිය දක්වා සිටි අතර ශ්‍රී ලංකා ධුත පිරිස වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් සිය කෘතඥතාවද දැක්වූහ.

මින් පසු සෑම වර්ෂයක දී ම පාකිස්ථානයේ තක්ෂිලා හී දී ජාතික වෙසක් උත්සවයක් පැවැත්වෙනු ඇති බව ද ඒ සදහා සහභාගී වන මෙන් ලෝ වාසී බෞද්ධයින් වෙත ආරාධනා කර සිටින බව ද එහි සංවිධායකයින් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles