Sunday, May 29, 2022

බලවේගවල උවමනාවන් පරාජය කළා-අමාත්‍ය රාජිත සේනාරත්න

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැටළුව විශාල ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දැරූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කෙසේවෙතත් එම බලවේගවල උවමනාවන් ඉටුකර ගැනීමට හැකියාවක් නොලැබුණු බව අමාත්‍යවරයා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු  වෘත්තීය සමිති සමග තමන් අවබෝධයෙන් කටයුතු කරන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගැටළු සහගත තත්ත්වයක් පැවතුණ ද මේ වන විට එය නිරාකරණය කරගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ගැටළුව විශාල ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගැනීමට ඉඩලබා නොදෙන බව අද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles