Wednesday, August 17, 2022

බැසිල් තවත් බිලියන 9ක් ගිලලා-FCID විමර්ශනයට

ෂෙරටන් නමැති හෝටල් ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව විමර්ශන කටයුත්තක් සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන තිරුකුමාර් නඬේසන් මහතා ඉකුත් අප්‍රේල් 27 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.

අදාළ සමාගමේ මුදල් ආයෝජනය කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු බව එහි දී අනාවරණය වී ඇත. හෝටල් ව්‍යාපාරයක් සඳහා අයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන නවයකි. තිරුකුමාර් නඬේසන් මහතාගේ ද හිතවතකු වන ව්‍යාපාරිකයා රජයේ ඉහළ පෙළේ තනතුරක් දැරූවෙකි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

ව්‍යාපාරිකයාට මේ මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ  එම මුදල් ඩුබායි, සයිප්‍රස්, මුරුසි ආදී රටවලින් ගිණුම්ගත වී ඇති බවයි. මුදල් ගිණුම්ගත කර ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ සමාගමේ කොටස්වලින් 1% ක් තිරුකුමාර් නඬේසන් මහතාට අයත්ව තිබූ බව ද හෙළි වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles