Friday, August 19, 2022

භික්‌ෂූන්ට නිග්‍රහ කිරීම යුක්‌ති සහගත ද?

ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න දේශයක්‌ බවට පත් කිරීමෙහි ලා සහ ඒ දේශවාසියා ශීලාචාර කිරීම සඳහා සියවස්‌ ගණනක්‌ අපරිමිත මෙහෙයක්‌ කළ දේශජ කණ්‌ඩායමක්‌ වේ නම් ඒ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේයි. වැවත්, දාගැබත් යනු සංකල්පයකි. ගමත්, පන්සලත් යනු ද සංකල්පයකි. ඉන් ගමෙන් පන්සල ද වැවෙන් දාගැබ ද පෝෂණය වීය යන මතය ඉදිරිපත් වන්නේ නැත. කෘෂිකාර්මික පෝෂණය ද, ආධ්‍යාත්මික පෝෂණය ද, වශයෙන් සිත ද, කය ද දියුණු කළ ස්‌වයං පෝෂිත දේශයක ශීලාචාර ජාතියන් යන්න වනිත කෙරෙන ප්‍රකාශයක්‌ සේ එය ඇගයිය හැකියි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ලෝකයේ සෙසු බෞද්ධ භික්‌ෂූන් වහන්සේට වඩා වෙනස්‌ ය. සම්බුදු සසුනෙහි නිත්‍ය සාමාජිකයන් බවට පත්වන්නෝ බොහෝ වෙති. ලොව පුරා එබඳු භික්‌ෂූහු ලක්‌ෂ ගණනක්‌ වෙති. ඉන් පැවිදි වෙද්දී ම තම පෙළපත් නාමය හා නාමය දෙසැරයක්‌ නොසිතා ම ඉවත් කරන්නේ ලංකාවේ හාමුදුරුවරු ය. කිසිදු ශ්‍රී ලාංකේය භික්‌ෂූන් වහන්සේ නමක්‌ තම නම ලෙස ඉංග්‍රීසි නමක්‌ ගන්නේ නැත. ඡේම්ස්‌, පීටර්, විලියම්ස්‌, රෝයි, ඇලෝසියස්‌ ඩේවිඩ් වැනි ඉංග්‍රීසි නම් සහිත හාමුදුරුවරු ලංකාවේ නැත. කිසිම හින්දි නමක්‌ ද හාමුදුරුවන්ට නැත. විකාශ්, කුමාර්, ගීත්, අශෝක්‌, රන්ජන්, සරත් වැනි හින්දි නම් සහිත හාමුදුරුවරු ලංකාවේ නැත. කිසිදු සංස්‌කෘත නමක්‌ ලංකාවේ හාමුදුරුවරුන්ට නැත. දේශප්‍රිය, රාමනායක, රත්නසේකර වැනි සංස්‌කෘත නම් ද ලංකාවේ හාමුදුරුවරුන්ට නැත. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ෙµdන්සේකා වැනි විදෙAශීය නම් සහිත හාමුදුරුවරු ද ලංකාවේ නැත. සිංහල නම් සහිත කිසිදු හාමුදුරු කෙනෙක්‌ ලංකාවේ නැත. සුදුබණ්‌ඩා, හේරත්හාමි, මුදියන්සේ, රුවන්, සඳුන් වැනි සිංහල නම් සිංහල හාමුදුරුවරුන්ට යොදන්නේ නැත. ලංකාවේ හාමුදුරුවරුන්ට ඇත්තේ පාලි නම් පමණි. බුදුහාමුදුරුවන්ගේ දේශනා ඇතුළත් ත්‍රිපිටකයෙන් ගත් වචනයක්‌ පමණක්‌ තම නම ලෙස භාවිත කිරීම ලංකාවේ හාමුදුරුවරුන්ගේ සිරිතයි. උන්වහන්සේලා පැවිදිවෙද් දී තම අම්මා දුන් ආදරණීය නාමය ඉවත දමා බුදුහාමුදුරුවන්ගෙන් නමක්‌ ඉල්ලා ගන්නේ එදා සිට තමා තම මෑණියන්ගේ පරපුරෙන් නොව අමාමෑණියන් වහන්සේගේ පරපුරෙන් පැවතෙන බව සනාථ කිරීමට ය. සිංහල නම නොගත්ත ද එහි දී අඩුවක්‌ නොවන්නට අපේ හාමුදුරුවරුන් වගබලා ගන්නේ පෙළපත් නාමයෙනි. ලංකාවේ හාමුදුරුවරුන්ට පැවිද්දට පෙර විවිධ පෙළපත් නාම වෙයි. ඒ සියලු පෙළපත් නාම ගලවා ඉවත් කරන්නේ පැවිදි වන දා ගලවා ඉවත් කරන ගිහි ඇඳුම් ද සමඟ ය. ඒ හා සමග ම තම වාසගම ලෙස උන්වහන්සේ විසින් තෝරාගනු ලබන්නේ මේ ශ්‍රී ලංකා මහ පොළවේ පර්චස්‌ ගාණකට හෝ දමා ඇති භූමි නාමයකි. සැබැවින් ම ගිහියන්ට ඇත්තේ පෙළපත් ය. හාමුදුරුවරුන්ට ඇත්තේ වාසගම් ය. වචනයේ අර්ථයෙන් ම වාසය කළ ගම වාසගම වේ. ඒ අනුව ලංකාවේ හාමුදුරුවරු මෑණියන්ගේ ආදරණීය නාමය වෙනුවට අමාමෑණියන් වහන්සේගෙන් නාමයක්‌ ගන්නවා හා සමඟ ම ආදරණීය පියාගේ පෙළපත් නාමය ඉවත ලා පීතෘ භූමියේ ගමක නාමය වාසගම සේ ගනිති. ඒ අනුව ලංකාවේ හාමුදුරුවරු නමින් ම ආගමික වී වාසගමින් ම ජාතික වෙති. ඒ අනුව නමින් ම ලාංකීය හා බෞද්ධ වෙති. එසේ නමින් ම ජාතික හා ආගමික වන වෙනත් ජන කණ්‌ඩායමක්‌ ලංකාවේ නැත.

වයසින් අවුරුදු 10 ක පමණ වන දහර අවධියේ දී ම සිය ජීවිතය, සසුන හා රට වෙනුවෙන් දිය කිරීමට ප්‍රතිඥා දෙන වෙනත් කිසිදු ජන කණ්‌ඩායමක්‌ ලංකාවේ නැත. සමනල ළමා විය ද පොපියන චමත්කාරයේ යෞවනය ද මෙසේ ස්‌වේච්ඡාවෙන් දිය කරන්නේ නිවැරදි හෝමෝනයන් සහිත සම්, මස්‌, ලේ, ඇට, නහරවලින් ම සෑදුණ හාමුදුරුවරු ම ය. කුසින් අඩක්‌ දළ අහරින් පුරවා කෙසඟ සිරුරු පන් පැදුරේ සතපා භාෂා ශිල්ප කලා වනපොත් කරනා ශ්‍රී ලංකාවේ දුගී ම පරපුරේ අපේ දරුපැටව් අරහත් ධජය ගත දවටා අම්මාගේ කිරි උණුහුම ද තාත්තාගේ රත්තරන් ඩා බිඳු ද අත්හැර සසුන් කෙතට එන්නේ හැකි පමණින් සසුන් කෙත අස්‌වද්දන්නට ම ය. කන්ඩ මහණ වූ කිසිවෙක්‌ මේ සඟ සසුනේ නැත. කන්ඩ නැතුව මියෑදුණු පූස්‌ පැටියෙක්‌වත් මේ පිංබර ලක්‌පොළොවේ නැත. දසවස සපුරන දහර සාමණේරවරු සාමණේර බණදහම් පොත පාඩම් කරද් දී උන්වහන්සේලා හා පාසල් ගිය මිතුරෝ කොම්පියුටර් ගේම් ගසති. සමකාලීන පාසල් මිතුරන් පිටිය සිසාරා හයේ පහර ගසද්දී අපේ තරුණ හාමුදුරුවරු ත්‍රිපිටකය වනපොත් කරති. පාසල් මිතුරන් ටේ්‍ර්‍රල් බයික්‌ පදිද් දී දනට බණට වඩිති. සුපිරි තරු ලෙස තරුණ මිතුරන් ගයද් දී ආටානාටිය සඡ්Cධායනා කරති.

සාමාන්‍යයෙන් ලංකාවේ හාමුදුරු තාත්තලාට හාමුදුරු පුතුන් නැත. හාමුදුරු පුතුන් ඇත්තේ ගිහි තාත්තලාට ය. ඒ අනුව ගිහි තාත්තලාගේ පුත්තු ම ටික දවසක දී හාමුදුරු පුත්තු වෙති. ඒ නිසා ම ඉහත කී ආකාර වූ සසුන් කෙතේ වල්පැළ තිබිය හැකි ය. අධ්‍යාපනික, සාමාජයීය හා පෞද්ගලික වූ වෙනත් කාරණා හේතුවෙන් භික්‌ෂු සංස්‌ථාවේ යම් යම් කෙලෙසීම් තිබිය හැකි ය. එසේ නොවූ කවර නම් සමාජ කුලකයක්‌ වේ ද? සර්වතෝභද්‍ර වූ ෙත්‍රෙකාලසුපරිෂුද්ධ වූ කවර නම් සමාජ සංස්‌ථාවක්‌ වේ ද? එබන්දක්‌ තිබිය හැකි ද? එහෙත් සසුන් කෙතේ තවමත් ගොයමට වඩා වල්පැළ වැඩි වී නැත.

ඉහත කී සියලු කාරණා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‌ෂුන් වහන්සේට ඇතැම් දේශපාලකවරුන්ගෙන් දැන් දැන් එල්ලවන ආක්‍රෝෂපරිභව පිළිබඳව අසන්නට දකින්නට ලැබෙන නිසා ය. මේ දේශපාලකවරු ඉහත කී කරුණ නිසා ම නිරපරාදේ තම කීර්තිමත්භාවය ස්‌වෙච්ඡාවෙන් නැති කරගත්තෝ වේ. භික්‌ෂූන් වහන්සේට අපහාස කිරීමෙන් හා අවලාද කිරීමෙන් ඔවුන් ලබාගත් දෙයක්‌ නැත. සිදුවී ඇත්තේ හුදෙක්‌ පරාභවයට පත්වීම පමණි. මෙහි දී සිංහල ජනකතාවක්‌ සිහිපත් කළ යුතු ය. මියගිය සිංහයකුගේ හමක්‌ පොරවාගත් නරියෙක්‌ කැලයේ සතුන් රවටමින් තමා සිංහයකු බවත් ඒ අනුව තමා වනයේ රජු බවත් පවසා ස්‌වෙච්ඡාවෙන් නායකත්වයට පත් විය. මෙසේ අනුගාමිකයන් පිරිවරා ඔවුන් පාලනය කරමින් සිටි ව්‍යාජ නරියාට දුරින් ඇසෙන නරියකුගේ හඬක්‌ ඇසී හූ නොකියා ඉන්නට ම බැරි විය. කොතරම් වෑයම් කොට රජ පදවියේ ගෞරවය රැක ගන්නට සිතා හූ නොකියා ඉන්නට වෑයම් කළත් නරියාට එසේ කිරීමට නොහැකි වූයේ රජකමට වඩා නරිකම හදිසියේ හෝ ඉස්‌මතු වූ නිසා ය. මේ සිංහ වෙස්‌ගත් නරියා ද කට පරිස්‌සම් කරගත නොහැකි ව ප්‍රතිචාර වශයෙන් හූ කියන්නට විය. ඉන් සිදු වූයේ සියලු සතුන්ගේ ග්‍රහණයට හසු වී විනාශ වන්නට ය. ගැඹුරු අරුත් සහිත සෑම සිංහල ජනකතාවක මෙන් ම මේ සිංහල ජනකතාවෙන් ද කියවෙන්නේ නරියාගේ ක්‍රියාව වරදක්‌ නොවන බව ය. හුදෙක්‌ එය හැටියක්‌ බව ය. හූ කියනවාට වඩා දෙයක්‌ නරියකුගෙන් බලාපොරොත්තු විය නොහැකි නිසා ය. එය නරීන්ගේ හැටියක්‌ මිස වරදක්‌ නොවන නිසා ය. රජකම පරදා නරිකම ඉස්‌මතු වන නිසා ය. මේ කතාව සිංහල ජනකතාවල තවත් විදියකට එයි. ඒ කතාවේ හැටියට නම් අහක යන නරියෙක්‌ වැරදීමකින් තීන්ත භාජනයකට වැටෙයි. ඒ තීන්න භාජනය කොළපාට තීන්ත ද, නිල්පාට තීන්ත ද කියා ජනකතාවේ සඳහන් නැත. එහෙත් තීන්තවලට පෙඟුණ නරියා තීන්ත පාට නිසා ම පමණක්‌ රජ වෙයි. පෙර පරිදි ම පිරිහෙයි. සාමාන්‍යයෙන් සතුන්ට තම හඬ පාලනය කරගත නොහැක. සුනඛයෙක්‌ දුටු විට හෝ හඬක්‌ ඇසුණ විට සුනඛයකුට නොබුරා සිටිය නොහැකි ය. අනුන්ගේ කුණු කන කපුටාට ද එසේ ය. හඬ නංවා සිටිය නොහැකි ය. වැදගත් මහත්තුරුන් එසේ නොවී සිටිය යුතු ය. සිය වැදගත්කම රැකගැනීම පෞද්ගලික ව තමාටත්, තනතුරටත්, නියෝජනය කරන පාර්ශවයටත් එසේ හැසිරීම ප්‍රශ්නකාරී වන නිසා ය.

කතාව යනු තම අභ්‍යන්තරභාවය අනාවරණය කරන ප්‍රකාශනයයි. ඒ අනුව තම ගාම්භීරභාවය ද, ශාස්‌ත්‍රීයභාවය ද, වගකීම් සහගතභාවය ද, ළාමක භාවය ද, ගෞරවණීයභාවය ද, පුහුභාවය ද ප්‍රකාශය වන හෙයින් නායක කථිකයෝ වෙසෙසින් ම ප්‍රවේශම් විය යුතු වෙති. මක්‌නිසා ද යත් කීර්තියට වඩා වේගයෙන් අපකීර්තිය දළුළන හෙයිනි. එක්‌ ප්‍රකාශයකින් දෙකකින් පුද්ගලයන් සපුරා නිගමනය කිරීමට තරම් අප ඉක්‌මන් නොවිය යුතු ය. එහෙත් ප්‍රකාශනාවලියක්‌ සාධක කොටගනිමින් එකී ප්‍රකාශකයා පිළිබඳ ව නිශ්චිත නිගමනයන්ට බහුතර ජනතාවක්‌ එළඹීම නොවැලැක්‌විය හැකි ය. තම ප්‍රකාශ පාලනය කර ගැනීම පිළිබඳව පැහැදිලි විශ්වාසයක්‌ නැත්තකුට කළ හැකි හොඳම දෙය වන්නේ ප්‍රකාශයන් නොකර සිටීම ය. කට නිසා බොහෝ විට නසින්නේ ඉබ්බන්, මාළුන් වැනි සතුන් ය. මක්‌නිසා ද යත් හිතා මතා කට ඇරීමට හා වැසීමට ඔවුන් නොදන්නා නිසා ය. මිනිසුන් කොපමණ කව්, ගී කියා වන්දනාමාන කළ ද ඌරෝ බෝගසෙහි පිට අතුල්ලති. ඉන් බෝධියට වන හානියක්‌ නැත. කොපමණ මල් වට්‌ටි, මල් පහන්, සුවඳ දුම් මිනිසුන් විසින් පුද කළ ද රිළවුන්ට එහි වටිනාකමක්‌ නැත. උන් මහසෑයට ගොඩවෙති. එහි පිට උලති. වසුරු ද හෙළති.

උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් මහතා උතුරෙන් බුදුපිළිම ගළවා ඉවත් කරන්නට කටයුතු කරද්දී අප දන්නා පරිදි විරුද්ධ වූ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රන්ජන් රාමනායකයි. යුද හමුදාපතිවරයා ලෙස සරත් ෙµdන්සේකා කළ මෙහෙවර මෙරට කිසිවකුට අමතක නැත. එහෙත් අතීතය හැමදාම සජීවි නොවේ. එය වර්තමානය විසින් යාවත්කාලීන වන්නකි. දේශෙද්‍රdaහී හෝ, සමාජෙද්‍රdaහී හෝ විනය විරෝධී හෝ, නීති විරෝධි හෝ ක්‍රියාකරන්නකුට අවලාදයෙන් බේරීමට නොහැකි ය. එය ස්‌වභාවයයි. එහෙත් මේ මැති ඇමැතිතුමන්ලා නිග්‍රහයට පත්කරන්නේ රටට මෙහෙකළ හා රටට මෙහෙකරන මහ ස`ගරුවනටයි. ඕනෑම ක්‍රියාවක්‌ පිළිබඳ ශාස්‌ත්‍රීය විවේචනයක්‌ කිරීමට ඇති අයිතියට කිසිවෙක්‌ අභියෝග කරන්නේ නැත. එහෙත් නිරපරාදේ නින්දා, අපහාස හා ගර්හා කිරීම අයුක්‌තිසහගත ය. තම දේශපාලන විරුද්ධ මතවාදීන්ට පරිභව නොකරන එහෙත් ඔවුන්ගේ මතය ප්‍රතික්‌ෂේප කරන කොතරම් නම් සම්භාවනීය දේශපාලනඥයෝ මෙහි වෙසෙත් ද? ඔවුන් අතරින් අතළොස්‌සක්‌ වූ ස්‌වයංපාලන විරහිත ප්‍රකාශකයන්ගේ හැසිරීම සම්භාවනීය නොවේ. පැරණි සිංහල කවියන් කියන ආකාරයට සඳුන් ගස තලන්නට පෙළන්නට දරණ සෑම වෙහෙසක දී ම තලන්නා වෙහෙසට පත් වේ. තැලෙන්නා සුවඳ විහිදුවයි. බුදුපියාණන් වහන්සේ පවසන පරිදි ගිනි අඟුරුවලින් අනෙකාට දමා ගසද් දී මුලින් ම පිළිස්‌සෙන්නේ ගසන්නා ය. අසූචිවලින් දමා ගසන්නා මුලින් ම අපිරිසිදු වන්නේ ය. එහෙයින් තමා අප්‍රසාදයට පත්වන කටයුතු කිරීම හෝ ප්‍රකාශ කිරීම ඥානවන්තකමක්‌ නොවේ. අනාගතයට හොඳ ආයෝජනයක්‌ ද නොවේ.

භික්‌ෂූන් වහන්සේ සුඛෝපභෝගීව ජීවත් වීම ප්‍රශ්න කරන ඇතැමුන්ගේ හඬෙන් ඇහෙන්නේ සිය අභ්‍යන්තරයෙන් පුපුරා කඩා හැලෙන ඊර්ෂ්‍යාවක දුර්ගන්ධය පමණි. ධුතාංගධාරීව වනවාසීව දළරළු අත්තකිලමතානුයෝගී මුනි සමාජයක්‌ බුදුපියාණන් වහන්සේ ද පැතුවේ නැත. සුඛෝපභෝගී ගිහියෝ භික්‌ෂුන්වහන්සේ දුකසේ වෙසිය යුතුයෑයි හෝ/ හා දුකසේ වෙසෙන්නන් සුසිල්වත් යෑයි උපකල්පනය කරන්නේ නොදන්නාකම නිසා මිස වැඩියෙන් දන්නාකම නිසා නොවේ. කළයුතු හොඳ ම දෙය නම් නොදන්නා දේ කතා කොට ඇනගන්නවාට වඩා කතා නොකොට සිටීම ය. මක්‌නිසා ද යත් සුදු පිරිවටෙන් වැසුව ද අඥානකම පනින්නේ කටින් වන නිසා ය. සැපසම්පත් විඳින්නේ ඇඟෙනි. එය සිතෙන් අල්ලා නොගැනීම හෙවත් ආධානග්‍රාහී නොවීම බුද්ධ අනුමැතියයි.

තව ද මෙහිලා ඔය කියන කවුරු කවුරුත් භුක්‌තිවිඳිනා සුඛෝපභෝගී ද්‍රව්‍යාත්මක නිෂ්පාදන මහජන දේපළ බව සිහි තබා ගත යුතු ය. සාංඝික දේපළ කන්නෝ බලු කපුටෝ වෙති, යනුවෙන් එන නිගමනයක්‌ සෙල්ලිපිවල එයි. ඒ එදා සාංඝික දේපළ ගැන පමණක්‌ නොව අද සාංඝික දේපලවලට ද පොදු නියාමයකි. සාංඝික දේපළ යනු හුදෙක්‌ අටපිරිකර ම නොවෙයි. සංඝ යනු පොදු පිරිස යන අරුත් එන පදයකි. ඒ අනුව සාංඝික යනු හුදු මහජනතාවට අයත් හෝ/ හා පොදු රටට අයත් දේපළ යන්නයි. යමෙක්‌ භුක්‌තිවිඳින සාංඝික දේපළ යනු මේ අනුව නිශ්චිත පුද්ගලයකුට අයත් නොවන පොදු දේපළයි. ඒ අනුව සමස්‌ත රාජ්‍ය දේපළ සාංඝික දේපළ වේ. සාංඝික දේපල අපහරණය හෝ අවභාවිතාව කරන්නෝ කවුරුන් දැයි කවුරු කවුරුත් දනිති. හාමුදුරුවරුන් පාවිච්චි කරන බී. එම්. ඩබ්. ගිහියන් පූජා කළ බී. එම්. ඩබ්. වේ. ඒවා අවුරුදු පහෙන් ආපසු භාර දිය යුතු බී. එම්. ඩබ්. නොවේ. ඒවා පූජා කළේ ද ගිහියෝ ය. නඩත්තු කරන්නේ ද ගිහියෝ ය. සිල්වල ගුණාත්මකභාවය මනින මිම්ම බී. එම්. ඩබ්. නොවේ. බී. එම්. ඩබ්. නැති ව සිල් කඩාගත් ඇත්තෝ ඕනෑ තරම් අප අතර වෙති. හාමුදුරුවරුන්ගේ සිල් තක්‌සේරු කරන්නට මෙබඳු එස්‌. අයි. ලාට (සිල් ඉන්ස්‌පැක්‌ටර්ලාට) හැකියාවක්‌ නැත. රාජ්‍ය දේපළ යනු ඉහත කී පරිදි සාංඝික දේපළ වේ. ඒවා අවභාවිත කරන්නෝ (දැනට බලු කපුටු නොවෙත් නම්) බලු කපුටුවීමට නියමිත ය. එහෙයින් පොදු මහජනතාවගේ දේපළෙන් අවුරුදු පහක්‌ හෝ එබදු කාලයක්‌ බී. එම්. ඩබ්. භුක්‌තිවිඳින්නෝ ද ඩියුටි ප්‍රී ගෙන බී. එම්. ඩබ්. අලෙවිකරන්නෝ ද මෙහිලා භික්‌ෂුන් වහන්සේලාට වඩා ප්‍රවේශම් විය යුත්තෝ වෙති.

රට යනු කොළඹ ය, යනුවෙන් සිතා සිටින්නන්ට කොළඹ සිද්ධ වන සියල්ල රටට සිද්ධ වන සියල්ල යෑයි දැනේ. ලංකාවේ සියලු හාමුදුරුවරුන් කොළඹ වෙසෙන හාමුදුරුවරුන් මෙනැයි සිතේ. ගඩා ගෙඩි කඩාගෙන, අල හාරා තම්බාගෙන වළඳනා හාමුදුරුවරු අදත් මෙරට වෙසෙති. උන්වහන්සේලා අදත් ඒ ඒ පළාත්වල දැය ද සසුන ද රකිති. කටු මැටි ගැසූ ආවාසයෙන් එළියට වැඩ බසයෙන් රෝහලට වැඩ ලේ මාරු කරගෙන බසයෙන් ම වැඩ ගිහියන්ගේ දනට බණට පාංශුකූලයට වඩනා වකුගඩු රෝගයෙන් පෙළෙන හාමුදුරුවරු මෙරට වෙසෙති. උන්වහන්සේලා ගැන ද අදාළ වන පරිදි දොස්‌ පැවරීම්, නින්දා අපහාස, ගර්හා කිරීම් කොපමණ නම් යුක්‌තිසහගත ද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles