Tuesday, January 25, 2022

මහාචාර්ය ලලිත් ගමගේට තවත් වගකීමක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා  පත්කර තිබේ.  

මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද  සිල්වා මහතා පත් කිරීමෙන් හිස් වූ තනතුරට මහාචාර්ය ලලිත් ගමගේ මහතා ව පත්කර ඇත.

 මහාචාර්ය ගමගේ මහතා තම නව තනතුරෙහි ජනවාරි 01 වැනිදා වැඩ ආරම්භ කිරීමට  නියමිතය.  

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිහිටුවීමේදී මූලිකත්වය ගෙන ඇත්තේ ද ඒ මහතාය.  

ඔහු එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙන්ම උපකුලපතිවරයා ලෙසද කටයුතු කරයි.  

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇති අතර ලංකා මෘදුකාංග පදනමේ (LSF) සභාපති, ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ (ACCIMT) සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පොකුරු සභාපති සහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.   

සාර්ථක තාක්‍ෂණ සමාගම් විශාල සංඛ්‍යාවක් බිහි කළ ශ්‍රී ලංකාවේ පළමු තාක්‍ෂණ ඉන්කියුබේටර් “කන්සෙප්ට් නර්සරි” සංකල්පය පිහිටුවීමට ද මහාචාර්ය ගමගේ පෙරමුණ ගත්තේය.  

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ද විය.

මහාචාර්ය ගමගේ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) උපදේශක මණ්ඩල සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ (SLANSHEI) ආරම්භක සභාපතිවරයා වේ.

මහාචාර්ය ගමගේ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගෙන එහි අනුබද්ධ මහාචාර්යවරයකු සේද සේවය කරයි. 

වසර 2000 දී ඔහු අධ්‍යයන නායකත්වය සඳහා වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයා (TOYP) සම්මානය දිනා ගත්තේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles