Sunday, October 2, 2022

මහින්ද ගේ බළලා මල්ලෙන් පනී – මෛත්‍රී අහුලා ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ විපක්ෂය අතර අර්ඹුදය රේල්පාරක පීලි දෙකක් වැනිය.

විසදුමක් පේන තෙක්මානය නැත. මෛත්‍රීපාල ජනපතිතුමන් ගාල්ලේ මැයි දිනය පවත්වන විට හිටපු ජනපතිතුමන් කිරුළපන මැයි දිනය පැවැත්වීමෙන් එය තහවුරු කරන්නට විය.  තවද මහින්ද රාජපක්ෂ මහතා බත්තරමුලලේ කාර්යාලයක් විවෘත කිරීමත් සමගම වෙනම දේශපාලන ගමනකයට ප්‍රවිශඨ වූ බව ඔිනෑම කෙනෙකුට වැටහෙනු ඇත. දැන් ඊලගට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් පිහිටුවන පක්ෂයේ සැබෑ නායකයා කවුද යන්නයි. මේ පිළිබදව බොහො දෙනා නිහඩව අවධානය යොමුකරගෙන සිටින ළදී. එවැනි පසු බිමක පසුගියදා බත්තරමුල්ල කාර්යාලයෛ් දී රහසිගත සාකච්ඡාවක් පැවති අතර එහිදී අවසන් තීරණයකට එළබී ඇත. එනම් නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින කණ්ඩායමේ නායකයා ලෙස මහින්ද රාංපක්ෂ මහතා පෙනී සිට මැතිවරණයක් ආසන්න වන විටදී එම නායකත්වය  ගෝඨාභය  රිජපක්ෂ මහතාට පැවරීමටයි. නමුත් එම තීරණය ගෙන පැය ගානක් යන්නට මත්තෙන් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කනට වැටුණි. එ සමගම ක්‍රියාත්මක වූ ඔවුන්  නිදහස් පක්ෂ   ජාතික සංවිධායක කමක් හෝ පිරිනමා ගොඨාභය රාජපක්ෂ මහතා බිලී බා ගැනීමේ සැළස්මක් ක්‍රියාත්මක කිරිමට සූදානම් විය. මේ නිසා ගොඨාභය රාපක්ෂ මහතාගේ නම පසුගිය දින කීපයේදී කරළියේ රැව් දෙන්නට විය. කෙසේ වෙතත්  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඒ පිළිඹදව දිගින් දිගටම  මධ්‍ය ප්‍රෂ්ණ කිරිමේ දී ඔහු කියා සිටියේ දේශපාලනයට ඒමට බලාපොරොත්තු නොවන බවයි. නමුත් රට වෙනුවෙන් හා රණ විරුවන් වෙනුවෙන් තීරණයක් ගන්නා බවයි. ඒ අනුව මේ ඇති වී තිබෙන තත්වය අනුව ඔහු විසින් ඉගි කොට ඇත්තේ අවසානයේ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී රට වෙනුවෙන් තීරණයකට එළබීම අනිවාර්යෙන්ම සිදුවන බව විශවාසවන්ත කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles