Monday, July 4, 2022

මාලදිවයින් උප ජනාධිපති වසර 25ක් සිරගෙට

මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදු කළ බවට වරදකරු වූ එරට උප ජනාධිපති අහමද් අදීබ්ට වසර 25ක සිරදඬුවම් ලබා දීමට මලදිවයින් අධිකරණය පසුගිය 9 වැනි දින තීන්දු කර තිබේ.

පසුගිය වසරෙ සැප්තැම්බර් මස 28 වැනි දින ජනාධිපතිවරයා ගමන් කළ කුඩා බෝට්ටුවක බෝම්බ පුපුරා යෑමක් සිදු වූ අතර ඉන් ජනාධිපතිවරයාට අනතුරක් නොවුවත් ජනාධිපතිවරයාගේ බිරිඳ ඇතුළු තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.

මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අවි ආයුධ කිහිපයක්ද සොයා ගෙන තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට වසර 15ක සිර දඬුවමක් හා නීති විරෝධීව අවි ආයුධ සන්තකයේ තබා ගැනීමේ වරදට පසර 10ක සිරදඬුවමක්ද උප ජනාධිපතිවරයාට නියම කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට මාලදිවයින තුළ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති අතර හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකරමින් වත්මන් ජනාධිපතිවරයා බලය අත්පත් කර ගනු ලැබූ අතර ඊට එරෙහිව මාලදිවයින තුළ දැවැන්ත මහජන කැළඹීමක් ඇති විය. මේ වනවිට හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනෙන් පිටව ගොස් ඇති අතර බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ බලාපොරොත්තු වන බව වාර්තා වේ. lankatruth

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles