Thursday, May 19, 2022

‘මැරීන් ඩ‍්‍රයිව්’ විවෘත වේ

කොරල් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය විසින් 2016 මැයි 29 වැනි දින කොළඹ නගයේ සිට දකුණු පළාත වෙත දිවෙන – වේගයෙන්ම සංවර්ධනය වන මාර්ගයක් වන ‘මැරීන් ඩ‍්‍රයිව්’ හි සිය අති සුඛෝපභෝගී සුපිරි තට්ටු නිවාස සංකීර්ණය විවෘත කළේය. එහි විවෘත කිරීමේ සමාරම්භක උත්සවය පවත්වනු ලැබුවේ කොළඹ 06, ග්ලෝබල් ටවර් හි දී ය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මැතිතුමා සහභාගී වූහ.
2003 වර්ෂයේ ‘කොරල් කන්ස්ට‍්‍රක්ෂන් (පුද්) සමාගම’ යන නාමය යටතේ ආරම්භ වූ කොරල් හෝල්ඩින්ස්, කොළඹ පිහිටා තිබෙන රටේ ප‍්‍රධානතම දේපළ සංවර්ධන සමාගම්වලින් එකකි. ගතවූ 13 වසර තුළ නේවාසික සහ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම, සංවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා එය සක‍්‍රිය ලෙස මැදිහත් වී තිබේ.
කර්මාන්තය තුළ ලද එම අත්දැකීම් ඇසුරෙන් කොරල් සමාගම් කළමනාකරණය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජවසම්පන්න කාර්යභාරයක් ඉටුකරන ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නීතීඥවරුන්, විගණකාධිවරුන් ඇතුලූ කාර්ය මණ්ඩලයකින් සමන්විත ය. මෙම කි‍්‍රයාශීලී කණ්ඩායමේ නොමසුරු සහයෝගය, මගපෙන්වීම සහ දායකත්වය හරහා සමාගම සිය ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නවීනතම තාක්ෂණය යොදා ගනිමින් සිටියි.  එතුළින් සිය සේවාදායකයන්ගේ අපේක්ෂාවන් සහ ඔවුන්ගේ කැමැත්තට සරිලන අන්දමේ වඩාත් නූතන සැප පහසුකම්වලින් යුක්ත අංගසම්පූර්ණ මහල් නිවාස සැපයීමට සමාගමට හැකියාව ලැබී ඇත. මේ අනුව එක් ව්‍යාපෘතියකට ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 25 ක අවම ආයෝජනයක් සමගින් සුපිරි සහ අති සුපිරි සහාධිපත්‍ය සංකීර්ණ (මහල් නිවාස* 10 ක් සම්පූර්ණයෙන් වැඩ නිම කිරීමට ද ගම්පහ සුපිරි සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට ද ඔවුන් සමත් වී ඇත. මේ අනුව ‘කොරල් ප්ලස්’ යනු සමාගමේ 11 වැනි ව්‍යාපෘතියයි. ව්‍යාපෘතියේ දළ පිරිවැය රුපියල් බිලියන 1 කි.
කොරල් හෝල්ඩින්ස් යනු විවිධාංගීකරණය වූ සමාගම් ජාලයක් වන අතර එහි ශාඛාවන් වන්නේ කොරල් ප්‍රොපටි ඩිවලොපර්ස් (පුද්) සමාගම, බස්රාන් බිල්ඩර්ස් (පුද්)සමාගම, මන්ගායි (පුද්) සමාගම, කොරල් සැෆ්රොන් (පුද්) සමාගම, කොරල් සිටි (පුද්) සමාගම, කොරල් වෝටර් (පුද්) සමාගම සහ ලාර්කෝ ඔටෝමොබයිල්ස් ය.
අදට වසර 10කට පෙර සිටි සේවාදායක පිරිසේ ජීවන රටාවට සහ අවශ්‍යතාවලට වඩා වර්තමාන සේවාදායකයන්ගේ ජීවන රටාව සහ අවශ්‍යතා ඉතාම වෙනස් ය. වර්තමානයේ ඔවුන් බටහිර ලෝකයේ තිබෙන සැප පහසුකම් කෙරෙහි උනන්දු වෙති. දේපළ සංවර්ධකයන් වශයෙන් කොරල් කණ්ඩායම එවැනි සේවාදායකයන් සහ අනාගත ගැනුම්කරුවන් සිය ගණනකගේ යෝජනා සහ අදහස්වලට ඇහුම්කන් දීම සිදුකරයි.
අපගේ සේවාදායකයන්ගේ එවැනි ඉල්ලීම් සහ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි අපගේ ව්‍යාපෘතිවලට මේ අනුව, සාමාන්‍යයෙන් කොරල් ප්ලස් නිවාස ව්‍යාපෘතිවල අන්තර්ගත ජෙනරේටර, ලයිටින් ඇරෙස්ටර් වැනි සාමාන්‍ය පහසුකම්වලට අමතරව සැලෝන්, මිනි සුපර් මාකට්, කොෆී ෂොප්ස්, ලොන්ඞ්රි, අමුත්තන්ගේ කාමර, පුස්තකාලය, පිහිනුම් තටාකය, ශරීර සුවතාගාරය, මට්ටම් දෙකේ රථ ගාල්, බාබක්‍යූ පැවීලියන්, ආදිය ද ඇතුළත් වෙයි. මෙම නව නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේ අංක 40, රිජ්වේ පෙදෙස, බම්බලපිටිය යන ස්ථානයේ සාගරයට මුහුණලා ය. නීල සාගරය හාත්පස පෙනෙන දසුන පමණක් නොව දවසේ පැය 24 පුරාවටම සාගරය පිස හමන සීත සුළ`ග ද විඳීමට මේ නිවාසවල හිමිකරුවන්ට හැකිවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles