Wednesday, August 17, 2022

මුලතිව් පොලිස් නිලධාරීන්ට ගහයි

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා  මුලතිව්, වැලිඔය, ජනකපුර ප‍්‍රදේශයේ ස්ථානයක් වෙත පැමිණි පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

කේරළ ගංජා අලෙවිකරන ස්ථානයක් පිළිබඳ ලැබුණ තොරතුරකට අනුව වැලිඔය පොලිස් ස්ථානයේ කණ්ඩායමක් සැකකරු සිටින ස්ථානය වෙත පැමිණ ගංජා අලෙවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමඟ සංවිධානාත්මකව පැමිණි පිරිසක් විසින් නිලධාරීන් වෙත ගල්මුල් ප‍්‍රහාර එල්ලකොට ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුයේ ගංජා අලෙවිකළ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ  පවුලේ පිරිස සහ සංවිධානය වූ පුද්ගලයින් 15 දෙනකු පමණ පොලිස් නිලධාරීන් වටකර ගල්මුල් වලින් පහරදීම සිදුකළ බවයි.

සංවිධානාත්මක පිරිස විසින් පහරදීම හේතුවෙන් පොලිස් ජීප් රථයටද හානි සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

පහරදීමත් සමඟ පොලිස් නිලධාරීන් ගංජා අලෙවිකළ සැකකරු රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව කිලිනොච්චිය මුලතිව් දිස්ත‍්‍රක් බාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතාගේ උපදෙස් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පහරදීම සඳහා පැමිණි සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවටගෙන ඇත.

පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා වැලිඔය සම්පත නුවර රොහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවන් දෙදෙනා සුළු තුවාල ලබාඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් නිලධාරීන් වෙත පහරදීම සඳහා පැමිණි සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදුකරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles