Wednesday, October 5, 2022

යුධ හමුදා කදවුරේ ගින්නක්

මේ වන විට ගින්නක්  හටගෙන ඇති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් ද ඇති බවයි වාර්තා වන්නේ.

 

 

එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම කැඳවා තිබෙනවා.

 

 

හයිලෙවල් මාර්ගයේ අදාළ ප්‍රදේශයේ වාහන ගමනාගමනය අත්හිටුවා ඇති අතර ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

කොස්ගම කඳවුරේ පිපිරීමේ හඬ එක් පැත්තකින් කලුඅග්ගල දක්වා ද අනෙක් පැත්තෙන් අවිස්සාවේල්ල දක්වා ද  ඇසෙන බව කඳවුර අසල වැසියෝ කියති.

කොස්ගම ශාලාව සිට වර්ග කිලෝ මීටර 8 ක් දුර පදිංචි කරුවනට එම පෙදෙස් වලින් ඉවත් වන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි පවසයි

යුද හමුදාපති ලුත්නන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා එහි යෑමට නියමිත බව හමුදා ආරංචි කියයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles