Wednesday, August 17, 2022

වසර 500 ක්‌ පැරණි කෝටි 7 1/2 ක නිධන් වස්‌තු සමග පස්‌දෙනෙක්‌ අත්අඩංගුවට

රුපියල් කෝaටි 7 1/2 කට අධික වටිනාකමකින් යුත් වසර 500 ක්‌ පමණ පැරණි නිධන් වස්‌තූ තොගයක්‌ සමග පුද්ගලයන් පස්‌දෙනකු ඊයේ (25දා) අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සහ නාවික හමුදා බුද්ධි අංශය එක්‌ව සිදු කළ මෙහෙයුමකදී සමත් වී ඇත.

මෙම පුරා වස්‌තු මිලදී ගන්නන් ලෙස වෙස්‌ වළා ගනිම්න් දින දෙකක්‌ පුරා සිදුකළ මෙහෙයුමේදී අඩි 3 1/2 ක්‌ පමණ උසකින් යුත් දේව රූප දෙකක්‌, ප්‍රතිමා 2 ක්‌, අඩි 2 1/2 ක්‌ පමණ උසැති සිංහ රූපයක්‌, අඩි 3 ක්‌ පමණ උස හංස යුවළක්‌ ඇතුළු පෞරාණික භාණ්‌ඩ කිහිපයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රුවන්වැල්ල, මිනුවන්ගොඩ, හංවැල්ල සහ මීගමුව ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ පොලිස්‌ භාරයට පත්කර ඇති අතර අද (26 දා) ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්‌ෂ හේමාල් ප්‍රශාන්ත සහ එම ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රංජිත් රාජපක්‌ෂ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදී පොලිස්‌ පරීක්‌ෂක අජිත් ශාන්ත, උප පොලිස්‌ පරීක්‌ෂක සරත් ධර්මසිරි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සජිත් කුමාර. විඡේකෝන්, විමුක්‌ති, උදය කුමාර, ජයතිලක සමඟ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් දිල්කි යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles