Wednesday, October 5, 2022

වෙ‍ලේ සුදා-හිටපු ‍පොලිස්පති සම්බන්ධය ගැන යළි විමසේ

වෙ‍ලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග හිටපු ‍පොලිස්පතිවරයෙකු පැවැති සම්බන්ධය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත විමර්ශන ආරම්භ කර තිබේ. වෙ‍ලේ සුදා පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණ ප්‍රශ්න කිරීමේදී හිටපු ‍පොලිස්පතිවරයෙකු සමග පැවැති
සම්බන්ධයක් හෙළි කරනු ලැබිය. ඒත් සමගම එම හිටපු ‍පොලිස්පතිවරයා සිය ආරක්ෂකයන්ටද නොකියා රටින් පැන ගොස් සැඟවී සිටියේය.  එම ‍පොලිස්පතිවරයාගේ සුවිසල් නිවස ඉදිකර දීමට වෙ‍ලේ සුදා උදව් කළ ආකාරය මෙන්ම දෙදෙනා අතර පැවැති සම්බන්ධකම් ද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබිණි.
එවකට ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ද වෙ‍ලේ සුදා සහ අදාළ ‍පොලිස්පතිවරයා අතර ඇති සම්බන්ධයක් අනාවරණය වී ඇති බව මාධ්‍ය සාකච්ඡාවලදී සඳහන් කළේය.  වෙ‍ලේ සුදා සම්බන්ධයෙන් වූ සමාජ අවධානය පහව යත්ම වෙ‍ලේ සුදා සහ අදාළ හිටපු ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ලිපි ගොනුවකට පමණක් සීමා කිරීමට ‍පොලිස් බලධාරීන් පියවර ගෙන තිබිණි.
වසරක් පුරා නිසි විමර්ශනයකට ලක් නොවී පැවැති එම ගොනුව නැවත විමර්ශනයට ලක්වන්නේ වත්මන් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අවධානය ඊට යොමු වීමත් සමග බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. මේ වන විට අදාළ විශ්‍රාමික ‍පොලිස්පතිවරයා මෙරටට පැමිණ නිදහසේ සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබි තිබේ.lakbima

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles