Wednesday, August 17, 2022

ශ්‍රී ලංකා කොඩිය සහිත ඉන්ධන නැවක් සොමාලි කොල්ලකරුවන් අතට ?

ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය පවසයි.
ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.
මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.
කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන්ට පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.
නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියේ ය.
ඊයේ (13) දිනය වන විට කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ.
නමුත් මෙම පුවත පිළිබඳ වාර්තා කරන වොයිස් ඔෆ්  ඇමෙරිකා පුවත් සේවය පවස්නනේ මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව ගමන් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles