Friday, August 19, 2022

සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ‍ලෙස ඉහළ යයි

කෙටි කාලයක් තුළ ආර්ථික‍යේ ‍වෙනස්කම් රැසකට ලක්වූ ශ්‍රී ලංකාව යළිත්වරක් සංචාරක ආකර්ෂණීය රටක් බවට පත්කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ‍ලෙස ඉහළ ‍ගොස් ති‍බේ.

ඒ අනුව ‍මේ වස‍රේ ජනවාරි මාස‍යේ දී වි‍දේශීය සංචාරකයන් 219,360 ‍දෙ‍නෙකු ‍මෙරටට පැමිණ ති‍බෙන අතර එය පසුගිය 2016 වස‍රේ ජනවාරි මාසයට සා‍පේක්ෂව සියයට 12.9 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පසුගිය වස‍රේ ජනවාරි මාස‍යේ දී වි‍දේශීය සංචාරකයන් 194,280 ‍දෙ‍නෙකු ශ්‍රී ලංකාවට පැමිණ ති‍බේ.

මේ වසරේ මුල් මාස‍යේ දී ‍මේ ශීඝ්‍ර වර්ධනය පෙන්නුම්කර තිබෙන අතර එම තත්ත්වය වසර අවසන් වනවිට දැවැන්ත වර්ධනයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ‍මේ වසර අවසාන‍ය වනවිට වි‍දේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ‍ගෙන්වා ගැනීම රජ‍යේ ඉලක්කය වී ති‍බෙන බවද එම අධිකාරිය ‍පෙන්වාදෙයි.

පසුගිය 2016 වස‍රේ දී වි‍දේශීය සංචාරකයන් 2,050,832 ‍දෙ‍නෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ති‍බෙන අතර එය ‍පෙර වසරට සා‍පේක්ෂව විශාල වර්ධනයක් බවද ‍මේ තත්ත්වය ශ්‍රී ලංකා‍වේ ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ‍

මේ අතර එම අධිකාරිය ‍පෙන්වා ‍දෙන්නේ මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් 31,802 ක් චීන ජාතිකයින් වන බවත් එය 2016 අනුරූප මාසයට සාපේක්ෂව සියයට 21.9 ක ඉහළ යාමක් බවත්ය. එසේම 2017 ජනවාරි මාසය තුළ ඉන්දියාවෙන් 31,173 ක්, එක්සත් රාජධානියේන් 19,468 ක්, ජර්මනියෙන් 12,471ක්, ප්‍රංශයෙන් 10,666 ක් සහ රුසියාවෙන් 10,337 ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි රටවල් ලෙස වාර්තා වී ඇත.

මේ 2016 වසරේ ගත වූ සෑම මාසයකදීම ඊට ‍පෙර වසරේ එම මාසයට සා‍පේක්ෂව ‍මෙරටට පැමිණී විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණ‍යේ වර්ධනයක් පෙන්නුම් කරන අතර විදෙස් සංචාරකයන් සඳහා හිතකර පරිසරයක් පැවතීම, නිදහස් රටක් බවට පත්වීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු මට්ටමක පැවතීම, සංචාරක ආකර්ෂණීය ලෙස රට නිර්මාණය කර තිබීම සහ ස්වාභාවික සෞන්දර්යය ආදී කරුණු රැසක් හේතුවෙන් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

පැමිණෙමින් සිටින විදෙස්‌ සංචාරකයන් නැවත නැවතත් අප රටට ගෙන්වා ගනිමින් මෙම සංචාරක පැමිණීම්වල වර්ධනය අඛණ්‌ඩව රඳවා ගැනීම වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඇති අවස්‌ථාවන් සහ එමඟින් සමස්‌ත ආර්ථිකයට ලබා ගතහැකි ප්‍රතිලාභ පිළිබඳ වටහාගෙන රජය, සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම යන කාරණය වෙනුවෙන් නොයෙකුත් පියවරයන් දියත් කරමින් සිටින බවද කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles