Thursday, May 19, 2022

සජිත් හා මස්වැද්දන්ගෙන් සමාවගන්නැයි උද්‍යාන භාරකරුට ඇමතිගෙන් බලපෑම්

යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන සුරංග රත්නායක මහතාට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ගන්නා ලෙස තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා බලපෑම්කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙසේ අදාළ උද්‍යාන භාරකරුට සමාව ගැනීමට බලපෑම් එල්ලව ඇත්තේ යාල වනෝද්‍යානයේ සිටි කොටියෙකු ඝාතනයකර එම සත්වයාගේ දත් ගලවමින් සිටි පිරික් පසුගියදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් එම පිරිස සජිත් ප්‍රේමදාස මහතාගේ සහචරයන්වීමත් නිසාය.

එම මස්වැද්දන් අමාත්‍ය සජිත්ගේ සහචරයන් බව වනජීවී නිලධාරීන් විසින් හෙළිකිරීම නිසා මේ තත්ත්වය උද්ගතව තිබේ.

අදාළ බලපෑම හේතුවෙන් සුරංග මේවන විට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බවත් ඔහුගේ රැකියාව අහිමිවේය යන බිය හේතුවෙන් ඔහු මෙසේ පැමිණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ ගැටුම හේතුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්විය. srilankamirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles