Wednesday, October 5, 2022

සාලාව කදවුරේ පිපිරීමෙන් විපතට පත්වූවන්ට මසකට රු. 50000/- දීමනාවක්..

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපුරුම හේතුවෙන් හානියට  පත් නිවාස ඒවායේ හිමිකරුවන්ට මසකට රුපියල් 50,000 බැගින් දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ආපදා කළමනාකරණ ඇමති  අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ මාස 3ක කාලයක් සඳහා අදාළ දීමනාව ගෙවීමට රජය තීරණය කර ඇති බවයි.

ඒ අනූව සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් නිවාස හානි වූවන් සඳහා (කිසිසේත් පදිංචියට යාමට නොහැකි තත්ත්වයේ පසුවන නිවාස හිමියන්ට) මෙම මුදල ලබාදීමට නියමිත බව ඒ මහතා කීවේය.

සුළු හානි සිදුව ඇති නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles