Thursday, May 19, 2022

සාලාව කදවුරේ පිපිරීම ගැන ඒකාබද්ධ පරීක්ෂණ

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ පිපිරීම සම්බන්ධ යුද හමුදාව හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඊට අමතරව මහේස්ත්‍රාත්වරයාගේ මූලිකත්වයෙන් තවත් පරීක්ෂණයක් මේ වන විට ක්‍රියාත්මකව ඇති බවත්, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටී.මෙම පිපිරීමට හේතු සාධක වූ කරුණු පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණවල මූලික අරමුණ වන බවත්, ඊට අමතරව, පිපිරීම හරහා සිදු වූ හානිය පිළිබඳව කරුණුද අදියර වශයෙන් සොයා බැලීමට හා ගණනය කිරීමට කටයුතු කරන බවත්, හමුදා ප්‍රකාශකවරයා ලක්බිම වෙත සඳහන් කළේය.
පිපිරීම සිදු වූ මොහොතේ සිට යුද හමුදාව මූලික අවධානය යොමු වූයේ ගින්න මැඩ පැවැත්වීම හා එහි ව්‍යාප්තිය පාලනය කරලීමට වන බවත් එම කටයුතු මේ වන විට අවසන්ව ඇති බැවින් පිපිරීම පිළිබඳව පරික්ෂණ කටයුතු මෙසේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් හමුදා ප්‍රකාශකවරයා මෙහිදී පැවැසීය.
කඳවුරේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති නමුත් කඳවුර අවට ගිනි අවි කැබලි විසිරී ඇති බැවින් එම කඳවුරු සංකීර්ණයේ සිට කිලෝමීටර් එකක සීමාවේ වෙසෙන ජනතාවට සිය නිවාස වෙත පැමිණීම තවමත් සුදුසු නොවන බවද ජයසූරිය මහතා පැවැසීය.
කොස්ගම සාලාව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව ශ්‍රී ලංකා ‍පොලීසිය, හා ‍පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂිත ආරක්ෂිත සැලැස්මක් දැනට ක්‍රියාත්මකව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ හමුදා කඳවුර නිසි ආරක්ෂිත ක්‍රමවේදවලට නොපැවැතුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, හමුදා ප්‍රකාශකවරයා මෙහිදී පැවැසීය. මෙතරම් විශාල පිපිරුමක් සිදු වුණාද එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක් හමුදා සෙබළෙකු පමණක් වීම හරහා කඳවුරේ ආරක්ෂිත ක්‍රමවේදයන් හි ඇති විධිමත්භාවය පැහැදිලි වන බවත් හමුදා ප්‍රකාශකවරයා මෙහිදී පැවැසීය.
පිපිරුම සිදුවන විට හමුදා කඳවුරේ ඉතිරිව තිබුණේ ඊට පෙර එහි තිබු අධි ප්‍රමාණයෙන් සියයට දහයක ප්‍රමාණයක පමණක් වන බවත්, ඉතිරි අවි තොගය මීට පෙර කඳවුරෙන් ඉවත් කරගෙන තිබු බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවැසීය. මෙම අවි ඉදිරියේදී වඩාත්  විධිමත් පරිදි ගබඩා කිරීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීම සඳහා නව දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles