Thursday, January 20, 2022

සේනා දළඹු හානිය සම්බන්ධයෙන් ඇමති දුමින්ද⁣ගේ අවධානය

මේ වන විට බඩඉරඟු වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඊයේ (13) පස්වරුවේඅනුරාධපුර, ගම්මිරිගස්වැව, වන්නිපලුගොල්ලෑව ගම්මානයේ බඩඉරඟු හේන් කීපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


එහිදී ගොවීන් අමාත්‍යයවරයාට දළඹුවන් හානි කර ඇති තම වගාවන් පෙන්වමින් කියා සිටියේ, දළඹුවන් විශාල වශයෙන් තම හේන් අක්‍රමණය කරමින් වගාවට හානි කරන බවයි, බඩ ඉරඟු ගසේ බොඩයේ සිට, කොල දක්වාම ආහාරයට ගන්නා දළඹුවන්ට කෘමි නාශක යෙදුවද මර්ධනය කළ නොහැකි බව ඔවුන් පෙන්වා දුන්හ.වගා ණය ආදිය ලබා ගෙන අක්කර ගණනක් වගා කළ තමන්ගේ බඩ ඉරඟු හේන් වල අස්වැන්න නිසි ලෙස නෙලා ගැනීමට මේ දළඹු ව්‍යාප්තිය හේතුවෙන් නොහැකි වෙතැයි බියක් පවතින බවද ගොවීන් පැවසීය.මේ සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යයවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටියහ.


ඒ අනුව අදාල හේන් කීපයක් නිරීක්ෂණය කළ අමාත්‍යයවරයා ඒ අවස්ථාවේදීම දුරකථනය ඔස්සේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා සම්බන්ධ කර ගනිමින් කියා සිටියේ, මේ වන විට අනුරාධපුරයේ බඩ ඉරඟු විශාල වශයෙන් වගා කර ඇති බවත්, සේනා දළඹු උවදුර අනුරාධපුරයේ බඩ ඉරඟු වගාවන් පුරා පැතිර යන බවයි.මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති වැඩපිළිවෙල අමාත්‍යයරයා විමසා සිටියහ.
දළඹු ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දළඹු මර්ධන කටයුතු සිදු කරන බව එහිදී අධ්‍යක්ෂ ජෙනාරල්තුමන් තමන්ට පැවසූ බව, අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ගොවීන්ට පැවසීය.


අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමත්‍යතුමන් කියා සිටියේ,
අනුරාධපුර දිස්ත්‍රික්කයටත් සේනා දළඹුවාගෙන් හානියක් සිදු වෙමින් යනවා, මේ හානිය විශාල හානියක් වෙන්න කලින් අපේ ගොවි මහත්වරුත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ සඳහා අවශ්‍යය කරන විසදුම් ලබා ගත යුතුයි.කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සමඟ මම දුරකථනයෙන් සම්බන්ධ වුණා, මේ වන විටත් ඔවුන් වැඩියෙන් සේනා දළඹුවා හානි කර තිබෙන ප්‍රදේශ වෙනුවෙන්, දළඹුවා මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා කියලා.ගොවිජනතාවත් මේ වන විට දළඹුවා යම් පාලනයක් කර ගෙන තිබෙනවා.අපි විශ්වාස කරනවා මේ සඳහා සාර්ථකව මුහුණ දීලා ගොවීන් ආරක්ෂා කර ගත යුතුයි.ඒ වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් ලබා දිය යුතු සහන ලබා දිය යුතුයි.ඒ වගේම ගොවි මහත්වරුන්ගේ පැත්තෙනුත් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගත යුතුයි.ඒ නිසා මම සියලුම ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන ගමන්ම අපි අපේ වගාවන් සේනා දළඹු හානියෙන් ආරක්ෂා කර ගන්න පුළුවන් උපරිමයෙන් උත්සහයක් දරමු, මේක තමයි අපේ දුප්පත් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙනවාද, එහෙම නැත්නම් විනාශ වෙනවාද කියන තීරණාත්මක මොහොතක්, ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේක ජයග්‍රහණය කරන්න එකට අත්වැල් බැඳ ගමුයැයි පැවසීය.


ගොවීන් එහිදී මාධ්‍ය වෙත කියා සීටියේ,
ගමේ අක්කර විශාල ගණනක් වගා කරලා තියෙනවා බඩ ඉරඟු, දළඹු හානිය විශාල වශයෙන් මේ වන විට වගාවන්ට සිදු වෙලා තියෙනවා, තෙල් බෙහෙත් ගැහුවත් දළඹු හානිය අඩුවක් නෑ, මේ පිළිබඳව දුමින්ද දිසානායක ඇමතිතුමාට දැනුම්වත් කළාම, ඇමතිතුමා අපේ ගොවි බිම් වෙතටම ඇවිත් මේ පිළිබඳව සොයා බලා අදාළ නිළධාරීන්ට මේ පිළිබඳව දැනුම් දීලා කඩිනමින් මේ සඳහා විසදුම් දෙන්න කියලා උපදෙස් දුන්නා.මේ විදිහට අපේ ප්‍රශ්නය දැකලා අපි ලඟට ඇවිත් අපිට විසදුම් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක ඇමතිතුමාට ස්තූතිවන්ත වනවා.අපේ මේ ගැටලුවට කඩිනම් විසදුමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles