Wednesday, October 5, 2022

හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වැඩි කරන්නට අගමැතිගෙන් යෝජනාවක්..!

අග්‍රාමාත්‍ය,ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සබඳතා පිළිබඳ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විසින් එළඹෙන් 28 වැනි දින හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 25000 සිට 97500 දක්වා ඉහල නැංවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

මෙම විශ්‍රාම වැටුප් වර්ධකය හිමිවන්නේ නැසීගිය හිටපු ජනපතිවරුන්ගේ බිරින්ඳෑවරුන්ට හෝ යැපෙන්නන්ට පමණක් බව ආරංචි මාර්ග වාර්තා කරයි. විශේෂයෙන්ම ඔවුන්ට ආර්ථික වශයෙන් හානියක් නොවීමට මෙම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වගන්තියේ (1) ඡේදයට අනුව මෙලෙස විශ්‍රාම වැටුප් වැඩි කිරීමට ව්‍යවස්ථාදායකට ඇති අධිකාරී බලය උපයෝගීකරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.

1986 මාර්තු 4 වැනි දින සිට සම්මත කරගත් පරිදි ජේ.ආර්.ජයවර්ධන, ඩී.බී.විජේතුංගි, රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන්ට රුපියල් 25000 බැගින් වැටුපක් හිමිව තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006 දී එම වැටුප රුපියල් 97500 දක්වා වර්ධනය කරගන්නා ලදි. අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වැටුපද එම අවස්ථාවේම වර්ධනය කරන ලදි.

කෙසේ නමුත් තවමත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට විශ්‍රාම වැටුප ලෙස හිමිවන්නේ රුපියල් 25000ක් පමණක් වීම නිසා එම අක්‍රමිකතාව වැලැක්වීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත්කරනු ඇති.

2016 ජනවාරි මස සිට හේමා ප්‍රේමදාස මහත්මියට සහ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට විශ්‍රාම වැටුප් වර්ධකය හිමිවනු ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles