Friday, August 19, 2022

2015 රනිල් අගමැති කලේ නීතී විරෝධීවයි.

ජනාධිපතිවරයා රටේ මූලික නීතිය කඩකළ අයෙක් බවත් රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් ඇති බවත් ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනාධිපතිවරයා රටේ මූලික නීතිය කඩකළ අයෙක් රට ඒකාධිපතිත්වයක් කරා

2015 ජනවාරි 09 වැනිදා එවකට සිටි අගමැතිවරයාව තනතුරෙන පහ කරමින්  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ සරල අවබෝධයක් ඇති එට ගරු කරන සැමගේ මතය විය.ඒ සම්බන්ධයෙන් කොතරම් කරුණු ඉදිරිපත් කලද ,එකී නීතිවිරෝධී පත්කිරීම සිදුකල ජනාධිපතිවරයා හෝ එම නිර්ලජ්ජිත පත්වීම ලබාගත් අගමැතිවරයා සේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිබුල් කඳුළු හෙලන ඊනියා සිවිල් සංවිධාන හැසිරුනේද කිසිවක් සිදු නොවූ ගාණටය.

අප රට තුල දැනට ක්‍රියාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගම්තිවරයා ලෙස පත්කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්න තැනැත්තාය.එහෙත් 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහාතාට පාර්ලිමේන්තුව තුල එවන් බලයක් නොවීය.

එනිසා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා ලෙස පත්කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොතිබූ බව ආණ්ඩුවේම විශාරදයන් දැන් කියන්නට පටන් ගෙන තිබේ.මෙසේ කියන්නේ සුළුපටු කෙනෙකු නොව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ උපදේශකයෙකු වන නීතීඥ සුරේන්  ප්‍රනාන්දු මහතාය. ඊයේ (01)කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන ,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ද පසෙකින් තබාගෙනය.එනිසා ආණ්ඩු විරෝධියෙකු කියනවාට වඩා මේ කියමනට වටිනාකමක් ඇතැයි අපි සිතමු.

ව්‍යවස්ථාමය කටයුත්තක් ව්‍යවස්ථාවේ  ප්‍රතිපාදන දක්වා ඇති අන්දමට පටහැනි අන්දමකින් සිදු කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමකි.ඒ උල්ලංගනය කිරීම සිදුකර ඇත්තේ අන් කවරෙකුවත් නොව ,රටේ පළමු පුරවැසියා හෙවත් ජනාධ්පතිවරයාය.රට තුල යහපාලනයක් ඇති කරමින්,ප්‍රජාතන්ත්‍රවාදය තවුරුකරමින්,මාධ්‍ය නිදහස සහතික කරමින්,පිරිසිදු දේශපාලනයක් ඇති කල බව කියන සිරිසේන ජනාධිපතිවරයාය.

මේ අන්දමට බලන විට එතුමා ජනාධිපතිදූරයට පත්ව කල පළමු රාජකාරියෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇත.ඉන්පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ආසන 54 ඇති ඒකාබද්ධ විපක්ෂයට නොදී ආසන 16ක් පමණක් හිමි දෙමල ජාතික සන්ධානයට ලබා දුන්නේය.ජනතාව ප්‍රතික්ෂේප කල පිරිසක් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගෙන ඔවුන්ට අමතිකම්ද දුන්නේය.  පලාත්පාලන චන්ද විමසීම වසර දෙකකට වැඩි කාලයක් කල් දැමුවේය.තවමත් එය පැවැත්වෙන දිනයක් නිශ්චිත නැත.පළාත් සභා චන්ද විමසීමද එසේමය.

මේ අන්දමට ව්‍යවස්ථා විරෝධී ,සම්ප්‍රදාය විරෝදී ලෙස කරගෙන යන වැඩපිළිවෙලේ මීලග පියවර වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එතුමාට හෝ ආණ්ඩුවට ජනවරමක් නැත.ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන යම් යම් වගන්ති සංශෝදනය සඳහා ජනවරමක් පමණකි.එහෙත් මේවන විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මෙහෙයුමක් දියත් වී ඇත.මේ හරහා 2020 ජනාධිපතිවරණය ද නොපවෙත් වෙනු ඇතැයි ආණ්ඩුවට හිතවාදී සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ,නීති රීති,අණ පනත්,සම්ප්‍රදායන් අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්රවදී රාජ්‍යයකටය ; පාලකයෙකුටය;ආණ්ඩුවකටය.එවා අවශ්‍ය නොවන්නේ හෝ එවා නොථකා ක්‍රියා කරන්නේ එකාදිපතියන් පමණකි.මේ අනුව අපට පෙනී යන්නේ අප රටද ඒකාධිපති රාජ්‍යක් බවට පත් වෙමින් තිබෙන බවය.එය එසේ වන්නට ඉඩ හැර නිහඩව සිටින්නේදැයි ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ,සංවිධාන,හා රටවැසියා තීරණය කල යුතුය.

කුලශ්‍රී කාරියවසම්
කැදවුම්කරු

14,610 Viewers

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles