Sunday, May 29, 2022

2020 වන විට ජාතික ආර්ථීකයෙන් සියයට 10ක්, නැගෙනහිරින්. – ඇමති දයා කියයි

වසර 2020 වන විට නැගෙනහිර පළාතෙන් ජාතික ආර්ථීකය සඳහා සියයට දහයක දායකත්වයක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා පැවසීය.
අද (10) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යතුමා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
“එදා 2015 ජනවාරි මාසයේ උතුරු නැගෙනහිර ජනතාව මේ රටේ වෙනසක් ඇති කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න විශාල කැප කිරීමක් කළා. ඔවුන් විශාල බලාපොරොත්තුවක් තැබුවා සහනයක් ලැඛෙයි කියලා. මේ වෙනස සමග ජනාධිපතිතුමා අගමැතිතුමා මේ රට භාර අරගෙන සංවර්ධනය පටන් ගන්න ගියත්, අපේ රටේ ආර්ථීකය කොයිතරම් ප්‍රපාතයක ද තිබ්බේ කියන එක හැමෝම දන්නවා. ආර්ථීකය කඩා වැටිලා. සංවර්ධනය කියලා රූපවාහිනියේ නැරඹුවේ සංවර්ධන සංදර්ශන. ඇත්ත සංවර්ධනයක් අපේ රටේ සිද්ධ වුණේ නෑ. චීන කොම්පැණි කීපයක් ඇවිත් ව්‍යාපෘති කීපයක් කලා. නමුත් ඒ ව්‍යාපෘති සඳහා දෙගුනයක් තුන්ගුණයක් සමහර ඒවාට පස් ගුණයක් ගෙව්වා. මේවා අපේ ණය පොතට එකතු වුණා.
අගමැතිතුමා පසුගිය දවස් වල පෙන්නුවා, හිටපු ජනාධිපතිතුමා විසින් ඇණවුම් කරපු ගුවන්යානා මෙනවගේ සැප සම්පත් ඒවා ද කියලා. ඒවා පවුලක් නඩත්තු කරන්න, පවුලක් සුරසැප විඳින්න කරපු උත්සාහයන්. අපි කණගාටු වෙනවා ඒ කාලේ ඒවාට ඒ පැත්තේ හිටපු අය විරුද්ධ නොවුණාට. ඒ කාලේ මම දන්නෑ මේවා කැබිනට් එකටවත් ආවාද කියලා යෝජනා හැටියට.
අද වෙනකොට අගමැතිතුමා ජනාධිපතිතුමා යෝජනා ගෙනාවත් ඕනම ඇමතිවරයකුට නිදහසක් තියනවා ඊට විරුද්ධ වෙන්නේ. නමුත් එදා තිබුණේ මේ තත්ත්වය නෙවෙයි. කැබිනට් මණ්ඩලය දන්නේ නෑ මොනවද රටේ වුණේ කියලා. ඩොලර් බිලියන තුනක් විතර හංගපු ණය හැටියට තියනවා.
නමුත්, අපිට සිද්ධ වෙනවා ඇත්තට මුහුණ දෙන්න. ඇත්තට මුහුණ දෙනකොට අපේ ආර්ථීක තත්ත්වය අඩු වුණා. අපි ඒ රජයට දොස් කියලා වැඩක් නෑ, අපි ඇත්ත ණය පොත ජනතාවට පෙන්නුවා. ජනාධිපතිතුමා ජපානයට ගිහාම විශාල ආධාරයක් ලැබුණා. ඒ කාලේ ලැබුණු ගිනි පොළී ණය වෙනුවට දැන් ලැබනේනේ සහන ආධාර. ෙජ්. ආර්. ජයවර්ධන යුගයේ වගේ තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ.
උතුරට වගේම මම නියෝජනය කරන නැගෙනහිරටත් විවිධ සංවර්ධන අවශ්‍යතා තියනවා. අම්පාර ගැන කතා කළොත්, අම්පාරේ 18,310ක් පවුල් අවතැන් වෙලා තියනවා. පුද්ගලයින් 71,286ක් අවතැන් වුණා. නමුත්, අපි සතුටු වෙන්න අවශ්‍යයි, අද වෙනකොට කිසිම කෙනෙක් නැවත පදිංචි කරන්න ඉතිරි වෙලා නෑ. සෑම කෙනෙක්ම නැවත පදිංචි කරලා අවසන් කරලා තියනවා. අපිට ස්ථීර නිවාස 59,672ක් සහ ගෙවල් වල ජීවත් වන දරුවන් වෙනුවෙන් 4,200ක් විතර නිවාස අවශ්‍ය කරලා තියනවා කියලා ගණන් බලලා තියනවා. ඒ කියන්නේ මුළු නිවාස 63,000ක් අම්පාර දිස්ත්‍රික්කයට තවත් අවශ්‍යයි.
පසුගිය රාජපක්ෂ සමයේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිකළේ 5,889 ක් පමණයි. 2015 දී 2,861කුත් 2016 දී 6,500 ක් හදන්න සැලසුම් කරලා තියනවා. මම ජනතාවට පොරොන්දු වෙලා තියනවා, 2020 වන විට මෙම නිවාස 63,000ම හදලා ඉවර කරනවා කියලා. අපිට මුදල් ලැබී තිඛෙනවා බිලියන 263ක් නැවත පදිංචි වූ අයට උදව් කරන්න.
අවුරුදු 30ක යුද්ධයෙන් ජනතාවට අහිමි වූ නිදහස හා තත්ත්වය යලි ලබා දෙන්න වැඩසටහනක් අපි දියත් කරලා තියනවා. යාපනය, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල මත්ස්‍ය අධිකළාප දෙකක් ස්ථාපිත කරන්න අපි සැලසුම් කරලා තියනවා. මේක අපි මේ අවුරුද්දෙම ස්ථාපිත කරනවා. කෘෂි කලාප පහක් ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම යාපනය, අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්ක වන අධිකලාප ඉදිකරනවා. ඔලූවිල් කේන්ද්‍ර කර ගනිමින් අධිකලාප මධ්‍යස්ථානයක් ඇති කරනවා. අපි සංචාරක අධිකලාපයක් ඇති කරනවා.
නැගෙනහිර පළාතෙන් මේ වන විට ජාතික ආර්ථීකයට දක්වන දායකත්වය සියයට 5.89ක් පමණයි. නමුත් මම කියන්න කැමතියි, 2020 වන විට නැගෙනහිර පළාතෙන් ජාතික ආදායමෙන් සියයට 10ක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles