Wednesday, August 10, 2022

SLTC සහ Deakin සරසවිය අතර හවුල්කාරීත්වය ශක්තිමත් කරමින් විශ්ව අධ්‍යාපනික මධ්‍යස්ථානය ආරම්භ කෙරේ

තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන Sri Lanka Technological Campus (SLTC), මෑතකදී කොළඹ SLTC Trace Expert City හිදී Virtual ක්‍රමයට පවත්වන ලද විශේෂ උත්සවයකදී ඕස්ට්‍රේලියාවේ Deakin University සමඟ ඇතිකරගෙන ඇති හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබී ය.

Deakin විශ්ව විද්‍යාලය යනු උසස් තත්ත්වයේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෘප්තිමත් වන ආකාරයේ අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකේ. මෙම අවස්ථාවට සමගාමීව Centre for Global Education ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකරන ලදි.

මෙම ආයතනය, දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් පිරිනමන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. හවුල්කාරීත්ව ගිවිසුම සඳහා Deakin University වෙනුවෙන් එහි නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර සම්බන්ධතා) මහාචාර්ය ගැරී ස්මිත් විසින්ද, SLTC ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ-සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් ජී. රූබසිංහ මහතා විසින්ද අත්සන් තබන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Deakin University හි විද්‍යා, ඉංජිනේරු සහ ඉදිකිරීම් පීඨයේ සහකාර පීඨාධිපති මහාචාර්ය බාස්කරන් මහතා මෙසේ පැවසී ය. “Deakin Cloud Campus මගින් විදේශ රටවල සිටින සිසුන්ට සැබෑ විශ්ව විද්‍යාල අත්දැකීමක් ලබාදෙන අතරම ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය සමඟ සෘජුව සම්බන්ධ වීමේ අවස්ථාව ඇතුළුව තවත් පහසුකම් රාශියක් සලසා දෙනවා.

මෙම එකඟතාවේ තවත් විශේෂත්වයක් වන්නේ ‘Bachelor of Artificial Intelligence’ පාඨමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා SLTC ආයතනයට මේ යටතේ අවසර ලබාදී තිබීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles